අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙදින රූකඩ නාට්‍ය පුහුණු වැඩමුළුවක්

    ජූලි 02, 2014
    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය රූකඩ රූපණ අනුමණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන දෙදින නේවාසික රූකඩ නාට්‍ය පුහුණු වැඩමුළුවක් ජුලි 10 හා 11 වන දෙදින වේයන්ගොඩ සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    රූකඩ නාට්‍ය කලාවේ නිරත හා එම කලාව කෙරෙහි උනන්දුවක් දක්වන අයට මෙම පුහුණු වැඩමුළුවට සහභාගිවිය හැකිය. මේ පිළිබඳව වැඩි විස්තර 077 9189985, 071 8210454 හා 071 3374095 යන දූරකතනවලින් ලබාගත හැකිය.
     
    මෙම වැඩමුළුව රූකඩ නිෂ්පාදනයේ සිට රූකඩ නාට්‍ය නිෂ්පාදනය දක්වා වන සියලු විෂය කරුණු ආවරණය වන පරිදි ප්‍රායෝගිකව පවත්වනු ලබන අතර මෙහි සම්පත්දායකයන් ලෙස ප්‍රවීණ රූකඩ ශිල්පීන් වන ජී. ප්‍රේමීන්, කෝසල කුමාර, නලීන් ගම්වාරි, රෝහණදේව පෙරේරා, සරත් අබේගුණවර්ධන මහත්වරු ද සුලෝචනා දිසානායක මහත්මිය ද  සහභාගී වෙති.
     
    රූකඩ නාට්‍ය කලාව දේශීයව හා ජාත්‍යන්තරව ප්‍රචලිත කිරීම, රාජ්‍ය රූකඩ නාට්‍ය කණ්ඩායමක් ඇති කිරීම හා රූකඩ නාට්‍ය ශිල්පීන්ට නිසි පුහුණුවක් ලබා දී උසස් මට්මමේ රූකඩ නාට්‍ය නිෂ්පාදන බිහිකිරීම අරමුණ කර ගෙන මෙම වැඩමුළුව පැවැත්වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya