අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් සංගීත හා පාසල් නාට්‍ය සමස්ත ලංකා ජයක්

    ජූලි 09, 2017

    2017 සමස්ත ලංකා පාසල් සංගීත හා පාසල් නාට්‍ය තරඟයේදි සමූහ ගායනා ප්‍රථම ස්ථානය දිනා ගැනීමට බස්නාහිර පළාතේ ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයට අයත් රණාල ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් සමත් වී ඇත.

     
    වසර හැටක දිර්ඝ කාලය තුළ මෙම විද්‍යාලය සමස්ත ලංකා තරගාවලියකින් ප්‍රථම ස්ථානය දිනාගත් පලමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. '' ගුණ නැණ බල සපිරි ''පුතුන් ලොවට බිහි කිරීමේ දැක්ම පෙරදැරි කරගෙන යන ගමනේ සුවිශේෂි අවස්ථාවක් ලෙස එය සැලකිය හැකි බව විද්‍යාලයේ විදුහල්පති සී. එන්. එම්. මොහොට්ටාල මහත්මිය පවසුවාය.


    ආර්ථික සහ විවිධ අපහසුතා බහුලව ඇතත් , ධෛර්යය, විශ්වාසය සහ කැපවීම ඇත්නම් දරුවන්ට තම ජයග්‍රහනයක් ළඟාකරගැනීමට හැකියි යන සත්‍යය මෙමගින් තවදුරටත් පැහැදිළි වන බව විදුහල්පතිනිය පවසයි. මෙම සමස්ත ලංකා පාසල් සංගීත හා පාසල් නාට්‍ය තරගයට සහභාගී වුනේ 4 සහ 5 වසරවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් 12 දෙනෙකි. විද්‍යාලයේ විදුහල්පතිවරියගේ මගපෙන්වීම යටතේ ඒ. බී. එස්. සුභාශිණී ගුරු මහත්මිය මෙම ජයග්‍රහනය  සිසුන්ට මෙන්ම පාසලට අත් කරදීමට කැපවී කටයුතු කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya