අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අති පූජ්‍ය කඩවතපුවක්වැටියේ සුගුණවංසතිස්ස හිමි අපවත් වේ

    ජූලි 08, 2017
    ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්මයුත්තික මහා නිකායේ අනුනායක කඩවත, පුවක්වැටියේ සුනේත්‍රාරාම මූල මහා විහාරය ඇතුළු විහාර ගණයෙහි අධිපති සාසනවංශාලංකාර මංගල ධර්මකීර්ති ශ්‍රී විචිත්‍රභාණක කම්මවාගාචරිය අතිපූජ්‍ය පුවක්වැටියේ සුගුණවංසතිස්ස අනුනායක ස්වාමීන්වහන්සේ වර්ෂ 88ක් ආයු වළඳා අපවත්වී වදාළහ.
     
    1948 නොවැම්බර් 05දින කඩවත පුවක්වැටියේ සුනේත්‍රාරාම මූල මහා විහාරයේ දී පැවැදි දිවියට ඇතුළත් වූ උන්හන්සේ 1953 ජූලි 17දා පෑලියගොඩ ගංගාරාම උදකුත්ඛෙප සීමා මාලකයේ දී උපසම්පදාව ලැබූහ.
     
    අපවත්වන විට කඩවත පුවක්වැටියේ සුනේත්‍රාරාම මූල මහා විහාරය, මුදුන්ගොඩ ජයසුමනාරාමය සහ ඇටිකෙහෙල්ගල්ල දක්ඛිණ පබ්බතාරාමය යන විහාරස්ථානයන් හි විහාරාධිපති ධුරයේ කටයුතු කළ සේක.
     
    උන්වහන්සේ විසින් ඉටුකරනු ලැබූ ලෝක ආගමික ශාසනික සේවාව වෙනුවෙන් 2009 වසරේ දී සුමනජෝති මහා කාරක සභාව මගින් ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්මයුක්ති මහා නිකායේ අතිගරු අනුනායක ධුරය ප්‍රදානය කරන ලදී.
     
    අතිපූජ්‍ය සුගුණවංසතිස්ස අනුනායක ස්වාමීන්වහන්සේලේ ශ්‍රී දේහය පිළබඳ අවසන් කටයුතු හෙට (09) කඩවත බෞද්ධ මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේ දී සිදු කිරීමට නියමිතය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya