අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
පුරවැසියෙකු මෙන් ම දේශපාලනඥයෙකු වශයෙන් තමන්ට වගකීමක් පවතින බවත් පන්සල්වල අදායම ලබාගැනීමේ කටයුත්තක් කිසිවිටෙකත් සිදු නොවන අතර ම ආරක්ෂිත ස්ථාන වශයෙන් ගැසට් කොට ඇති උරුමයන් හා ප්‍රධාන ස්ථාන කිහිප ස්ථානයක පමණක් ආදායම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හා මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත ලබාගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
දිවයින පුරා විවිධ ප්‍රදේශවල ලක්ෂ 2කට පමණ වැඩි පුරාවිද්‍යාත්මක වැදගත්කම් සහිත ස්ථානයන් පවතින බවත් මෙහිදි එම ස්ථානවල පිංකැටවලින් ලැබෙන ආදායම නොව විදේශීය සංචාරකයන් වෙත නිකුත් කරනු ලබන ප්‍රවේශ පත්‍ර අළෙවියෙන් ලැබෙන ආදායම පමණක් මෙහිදී ලබාගැනීම සිදු කෙරේ. මෙම මුදල් පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය සඳහා යොදාගැනීමට නියමිතය.
දඹුල්ල විහාරයේ අවිධිමත් ඉදිකිරීම් මෙන් ම යුනෙස්කොව විසින් ලබාදෙනු ලබන නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමේ හේතුව නිසා ඉදිරියේ දී ලෝක උරුම තත්ත්වය නැතිවී යාමට අවස්ථාව ඇතැයි ද ඉන් නොනැවතී විදේශීය සංචාරකයන්ද අඩුවෙනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් සාවද්‍ය කරුණු මාධ්‍ය මගින් ද අනාවරණය කර තිබුණ නමුත් මේ වන වනතුරු ඒ සම්බන්ධයෙන් කතා නොකළේ ආගමික හානියක් වෙතැයි යන මතයේ සිට බවත් උරුමයන් තවදුරටත් පවත්වාගෙන යාමට නම් ආරක්ෂා කිරීම මෙන් ම සංරක්ෂණය කිරීම ද අත්‍යාවශ්‍ය බව පෙන්වාදෙන අධ්‍යාපන අමාත්‍යවරයා ඒ සඳහා සහයෝගය ලබාදෙන ලෙස එම භාරකාර මණ්ඩලවලින් ඉල්ලා සිටින බවත් කීය.
දඹුල්ල විහාරයේ විදේශ සංචාරකයන් වෙත ප්‍රවේශපත්‍ර අළෙවි කිරීමෙන් වසරකට කෝටි 2000කට ආසන්න ආදායම ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් 1996 වසර වනතුරු මෙම ප්‍ර වේශපත්‍ර අළෙවි කිරීම මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සිදු කොට ඇති අතර ඉන් අනතුරුව ස්වාමීන්වහන්සේලා විසින් ප්‍රවේශ පත්‍ර නිකුත් කොට ඇත.