අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමරපුර මහා නිකායේ උපසම්පදා මහෝත්සවය ලබන 25 දා

    ජූනි 23, 2017

    ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා මහෝත්සවය ජුනි 25දා සිට ජූලි 03 වැනි දා දක්වා ඓතිහාසික කළුතර බෝධි සමිඳු අභියස කළු ගඟෙහි නිර්මාණය වූ උදකුක්ඛේප සිමාමාලකයේදී  සිදු කෙරෙන බව ශ්‍රී ලංක අමරපුර නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත කොටුගොඩ මහානායක ස්වාමීන් වහන්සේ පැවසූහ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළ අතර භික්ෂූන් වහන්සේලා 320 දෙනෙකු උපසම්පදා ලබන බව ද සඳහන් කළහ.

    මෙම උපසම්පදා මහෝත්සවයේ ජාතික උත්සවය ජුනි 25 වැනි දින පස්වරු 3.00ට ජනාධිපති ම්‍රෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන බව පෙන්වා දුන් උන්වහනසේ ජුනි 03 වැනිදා දක්වා උපසම්පා කරන සියලු භික්ෂුන් වහන්සේලා සඳහා වැඩසටහන් සංවිධානය කර තිබෙන බව ද උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya