අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවදානමක ඇති පාහියන්ගල ලෙන ආරක්ෂාවට පියවර

    ජූනි 06, 2017

    ආසියාවේ ඉපැරණි ම ජනාවාසයක් සේ සැලකෙන පාහියන්ගල ලෙන පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් නාය යාමේ අනතුරකට මුහුණ දී ඇති බැවින් ඒ සම්බන්ධව වහාම මැදිහත්වන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

    එහිදී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව කඩිනමින් තමා දැනුවත් කරන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

     

    පාහියන්ගල ප්‍රදේශයේ  පිහිටි මෙම ගල්ලෙන මෙරට පිහිටි විශාලත ම ගල් ලෙන වන අතර වසර 58,000 ක ප්‍රාග් ඓතිහාසික අතීතයකට හිමිකම් කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya