අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවීන සිනමා විචාරක සුනිල් මිහිදුකුල දැයෙන් සමුගනී

    මැයි 30, 2017

    ප්‍රවීන සිනමා විචාරකයකු,සාහිත්‍යධරයකු මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රවීන ජනමාධ්‍යවේදියෙකු වූ  එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘවරයකු ලෙස සේවය කළ සුනිල් මිහිදුකුල මහතා අද(30) උදැසන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දි   අභවප්‍රාප්ත වී තිබේ.

    මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් සුනිල් මිහිදුකුල මහතා කලාවට දායාද වී තිබේ.සිනමා කලාව හා විචාරය පිළිබඳ සුවිශේෂී දැනුම් සම්භාරයක් සුනිල් මිහිදු කළ මහතා සමාජ ගත කර තිබේ.1978 දී සිනමා ලේඛනයට පිවිසි සුනිල් මිහිදුකුල මහතා, ගුණසිරි සිල්වාගේ කර්තෘත්වයෙන් එළි දුටු “සකුරා” පුවත්පතට මුල්ම ලිපිය ලියාපළ කොට තිබේ.

    1995 දී මුල්වරට ලේක්හවුස් ආයතනයට පැමිණි සුනිල් මිහිදු කුල මහතා ප්‍රේම් දිසානායක සංස්කරණය කළ රසඳුන, විචිත්‍ර කලා පත්තරවල සේම උදය තෙන්නකෝන් සංස්කරණය කළ තිර තරු සහ අර්නස්ට් වඩුගේ සංස්කරණය කළ රස පත්තරවලින් ද  අත්දැකීම් සම්භාරයක් ලබා තිබේ. සිනමා පත්තර පහක වැඩකර සරසවිය පත්තරයේ මුල් පුටුවට පැමිණි කර්තෘවරයකු වේ නම් ඒ සුනිල් මිහිදුකුල මහතාය.සුනිල් මිහිදුකුල මහතා සිය ලේඛනකලාව තිස්වසරක් අභිභවා සිදු කර තිබේ.

    සුනිල් මිහිදුකුල මහතා මුල් වරට රචනා කරන ලද ග්‍රන්ථය රුක්මණී දේවි නිළිය ගායිකාව සහ ජනප්‍රිය සංස්කෘතිය නම් විය. මහගම සේකර ගේ තුං මං හන්දිය විමසීමක්, කඩවුණු පොරොන්දුව සහ මිනර්වා චිත්‍රපට සම්ප්‍රදාය, ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සිංහල සිනමාව,මාර්ටින් වික්‍රමසිංහ සහ සිංහල චිත්‍රපට විචාරය,ජයවිලාල් විලේගොඩ ගේ තෝරා ගත් සිනමා විචාර,සිනමාවට හැදින්වීමක්.ඉන්දීය සිනමාවේ දහ තුන් වැනි භාෂාව,විශ්ව කීර්තිධර නාට්‍යකරුවෝ,උත්තම පුරුෂ ඒක වචන,මහාචාර්ය සරච්චන්ද්‍ර නාට්‍යාවලිය,පර්යායලෝකය,පික්චර් පිස්සා, ලෝකයේ ශ්‍රේෂ්ඨ සිනමා නිර්මාණ ආදී ග්‍රන්ථ රාශියක් සුනිල් මිහිදුකුල මහතා දැයට දායාද කර තිබේ.

    සුනිල් මිහිදු කුළ මහතා පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya