අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහාචාර්ය සිරි ගුණසිංහ අභාවප්‍රාප්ත වේ

    මැයි 25, 2017
    අග්‍රගන්‍ය සිනමාකරුවෙකු, කවියෙකු, නවකතා කරුවෙකු හා කලා විචාරකයෙකු වූ මහාචාර්ය සිරි ගුණසිංහ මහතා අද (25) කැනඩාවේ දී අභාවප්‍රාප්ත විය.
     
    මිය යන විට ඒ මහතා 92වන වියෙහි පසු විය.
     
    පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අංශයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී  "සත්සමුදුර" චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට එක් වූ සිරි ගුණසිංහ මහතා සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ ආන්දෝලනාත්මක නව කතාවක් වූ "හෙවනැල්ල" රචනා කරමිනි. ඔහු විසින් ලියූ  "මස් ලේ නැති ඇට " නිසඳැස් කාව්‍ය සංග්‍රහය ද විචාරකයින්ගේ දැඩි විවේචනයට භාජනය විය. 
     
    ඒ මහතා පසු ව කැනඩාවේ පදිංචියට ගිය අතර එරට විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකු වශයෙන් ද සේවය කළේය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya