මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2018 - රාජ්‍ය නාට්‍ය උළෙලට අයඳුම්පත් බාර ගැනේ

    මැයි 19, 2017
    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය මගින් සංවිධානය කරන ලබන 2018 රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා දැන් අයඳුම්පත් බාරගනු ලැබේ.
     
    2018 රාජ්‍ය නාට්‍ය උළෙල සිංහල හා දමිළ මාධ්‍යයෙන් පැවැත්වෙන අතර ස්වතන්ත්‍ර/ පරිවර්තන හා අනුවර්තන නාට්‍ය සුදුසුකම් ලබයි . 2017 ජනවාරි 01දා සිට දෙසැම්බර් 31දා දක්වා ප්‍රදර්ශනය කළ හෝ කරනු ලබන  නාට්‍ය මෙම උළෙල සඳහා ඉදිරිපත් කළ හැකිය.
     
    සියලු ම අයදුම්කරුවන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන අයදුම්පත සම්පූර්ණ කර නාට්‍ය පිටපතක් සමග "නාට්‍ය ප්‍රවර්ධන අංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල" යන ලිපිනයට එවිය යුතුයි.
     
    2018 රාජ්‍ය   නාට්‍ය උළෙලේ අයදුම්පත හා ව්‍යවස්ථාව  ඉහත  ලිපිනයෙන් හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් www.culturaldept.gov.lk  ලබාගත හැකි අතර මීට අමතරව දිවයින පුරා සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක ම සංස්කෘතික අංශයෙන් ද ලබාගත හැකිය.
     
    අයදුම්පත් භාරගැනීම 2017 සැප්තැම්බර් 25 වන   දින අවසන් වන අතර මේ පිළිබඳව වැඩි විස්තර 011 – 2872385 දුරකථනයෙන් ලබාගත හැකිය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya