අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුරාවස්තු රැසක් හමුවෙයි

    මැයි 17, 2017

    ශ්‍රී ලංකාවේ ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන සහ පුරාවස්තු හඳුනාගැනීම සහ සංරක්ෂණය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ විශේෂ උපදෙස් හා මඟපෙන්වීම් මත මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ මේ වනවිට වැඩසටහන් රැසක් ක්‍රියාත්මකව පවතී.

    මේ යටතේ, පසුගිය වසරේ කැණීම් කටයුතු ආරම්භ කරන ලද තිස්සමහාරාමය, යටාල ආසනඝරයේ කැණීම් කටයුතු මේ වනවිට අවසන්වෙමින් පවතින අතර, එහි දී පැරණි බදාම සහිත ගඩොල් බැම්මක්, කැණීම් හරහා හමු වූ ප්‍රධාන ගොඩනැගිල්ලට අමතර තවත් කුඩා ගොඩනැගිල්ලක්, මැටි බඳුන් කොටස්, යබොර කොටස්, බදාම කොටස්, ටෙරාකොටා ගණයට අයත් පබළු, වීදුරු පබළුවක්, මෙන්ම විශේෂිත යකඩ නිර්මාණයක කොටසක් ද හමුවී තිබේ.

    පොලොන්නරුව දෙමළ මහා සෑයේ සිදුකෙරෙන කැණීම් කටයුතු මඟින් කලුගල් ඇතුරුමක් මේ වනවිට හමුව ඇති අතර මවුපාෂාණය හමුවන තෙක් ඉදිරි කැණීම් කටයුතු ක්‍රියාත්මක වේ.

    පසුගිය මාර්තු මස සිට ආරම්භ කෙරුණු පොලොන්නරුවේ මහතලාකොළවැව ප්‍රතිමා ගෘහය ආශ්‍රිත පරිශ්‍රයෙන් උලුකැට කැබලි, වළං කැබලි පුරා වස්තු ලෙස හඳුනාගන ඇති අතර කැණීම් කටයුතු තවමත් ක්‍රියාත්මකයි. මේ අතර පොලොන්නරුව ශිව දේවාලයේ සිදුකළ පර්යේෂණ ඇසුරෙන් පබළු, කුඩා වළලු කැබලි, වළං කටු කැබලි, ප්‍රමාණ පුවරු, උලු කැබලි ස්තරයක් මේ වනවිට හමුව ඇති බව පර්යේෂකයින් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya