අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියවන්නා වෙසක් කලාපය ජනපති අතින් ජනතා දැක්මට විවෘත කෙරේ

    මැයි 13, 2017

    එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවය නිමිත්තෙන් පැවැත්වෙන දියවන්නා වෙසක් කලාපයේ තෙවන දින සමාරම්භය සනිටුහන් කරමින් එහි විදුලි පහන් දැල්වීම, දර්ශනීය කෘතිම වතුර මල හා තොරණ විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ඊයේ (12) සිදුකෙරිණි.

    බෞද්ධාගමික රටවල් මගින් ඉදිරිපත් කර තිබූ ප්‍රදර්ශන කුටි නැරඹු ජනාධිපතිතුමා වෙත සමරු තිළිණ ලබාදීම ද මෙහිදී සිදුවිය.

    එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උත්සවය නිමිත්තෙන් පැවැත්වෙන දියවන්නා වෙසක් කලාපය බත්තරමුල්ල චෝගම් පිටියේදී මැයි මස 14 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

    මෙම අවස්ථාවට කතානායක කරු ජයසූරිය, අමාත්‍යවරුන් වන පාඨලි චම්පික රණවක, දයා ගමගේ, විජයදාස රාජපක්ෂ, ඇතුඑ මැති ඇමතිවරුන් සහ විදේශීය තානාපතිවරුන් සමග නියෝජිතයින් ද සහභාගී වූහ.

     

    diyawanna wesak 1

     

    diyawanna wesak 3

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya