අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොව ප‍්‍රථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණ අනිද්දා විවෘත වෙයි

    මැයි 08, 2017

    ලොව ප‍්‍රථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණ මහජන ප‍්‍රදර්ශනය සඳහා විවෘත කිරීම අනිද්දා (10) එනම් වෙසක් පුන්පොහෝ දින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරේ.


    කොළඹ ගාලු මුවදොර පිටියේ ඉඳි කෙරෙන මෙම තොරණ විවෘත කෙරෙන්නේ එදින සවස 7ටය. වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත නිර්මාණය කෙරෙන එම තොරණ 14 වැනිදා දක්වා මහජන ප‍්‍රදර්ශනයට විවෘතව පවතී. ඒ කොළොම්තොට වෙසක් කලාපයට සමගාමීව මෙම තොරණ ද ප්‍රදර්ශනය වේ.

    කොළොම්තොට වෙසක් කලාපය, වරාය සහ නාවික අමාත්‍යාංශය, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය බෞද්ධ සංගමය එක්ව සංවිධානය කරයි.
    මෙවර එය පැවැත්වෙන්නේ සිව්වැනි වරටය. කොළඹ ගාලූ මුවදොර පිටිය සහ වරාය පරිශ‍්‍රය කේන්ද්‍ර කරගනිමින් එම කලාපය විහිද පවතී. එහි  ප‍්‍රධානතම අංගය වන්නේ ගාලු මුවදොර පිටියේ ඉදිවෙන ලොව ප‍්‍රථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණ වේ. එහි උස අඩි 60 කි. පළල අඩි 40ක් වේ. දීපංකර බුදුන්ගෙන් නියත විවරණ ලබා ගැනීමේ සිට බුද්ධ පරිනිර්වාණය දක්වා වූ බුද්ධ චරිතය මෙම ලේසර් කිරණ තොරණේ කථා වස්තුවට පාදක වේ. ජර්මන් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කෙරෙන එම තොරණේ නිර්මාතෘ ආචාර්ය ප‍්‍රභාත් චන්දිම උක්වත්ත මහතාය. පසුබිම් සංගීතය විමලජීව දොඹවත්ත මහතාද, කතා වස්තුව දිමුතු චින්තක මහතාද ඉදිරිපත් කරයි. රාත‍්‍රී කාලයේ අහසේ සිතුවම් වන මෙම තොරණ දෙස් විදෙස් බැතිමතුන්ගේ සුවිශේෂී අවධානයට යොමු වනු ඇතැයි ආචාර්ය ආචාර්ය ප‍්‍රභාත් චන්දිම උක්වත්ත මහතා පවසයි.

    "ලේසර්වල තියෙනවා විවිධ තාක්ෂණ ක‍්‍රම. වෛද්‍ය විද්‍යාවේ ලේසර් භාවිත කරනවා. ඒ වගේම යුධ කටයුතු සඳහාත්, මැනීම් කටයුතු හා ඉංජිනේරු විද්‍යාවටත් ලේසර් තාක්ෂණය පාවිච්චි කරනවා. ඒවගේම විශාල වශයෙන් විනෝදාස්වාදය සඳහාත් යොදාගන්නවා. එහිදී අපි භාවිත කරන්නේ විනෝදාත්මකව යොදාගන්නා ලේසර් කිරණ වර්ගයක්. එහි කිසිම ශරීර හානියක් නැහැ. මේ නිර්මාණය කරන්න අපිට තිබුණ ලොකුම අභියෝගය තමයි විනෝදාස්වාදය සඳහා යොදාගන්න ලේසර් කිරණ නැතහොත් ලේසර් කලාව බුද්ධ චරිතය සම්බන්ධ කරමින් ශ‍්‍රද්ධාව ඇතිකිරීම සඳහා යොදාගැනීම. නමුත් අපි ඒ අභියෝගය ජයගත්තා කියලා මම හිතනවා.....” යැයිද ආචාර්ය ප‍්‍රභාත් චන්දිම උක්වත්ත මහතා කියා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya