අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “දියවර ”බක්මහ උළෙල 2017 තංගල්ල මැදකැටිය වෙරළ තිරයේ දී...

    අප්‍රේල් 14, 2017

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාතංශයේ පුර්ණ දායකත්වයෙන් “දියවර 2017 ” බක්මහ උළෙල අති උත්කර්ෂවත් අන්දමින් තංගල්ල මැදකැටිය සුන්දර වෙරළ තිරයේදී අප්‍රේල් 16 වන දින දවස පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත .

    ධීවර ජනතාවට ආවේණික ජන ක්‍රීඩා රැසකින් මෙම බක්මහා උළෙල සමන්විතය . ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය  දිලිප් වෙදආරච්චි මහතාගේ පුර්ණ මැදිහත්වීමෙන් ධීවර ජනතාවගේ ආකල්ප වර්ධනය හා ධීවර ප්‍රජාවගේ හැකියාවන් නැංවීම අරමුණු කර ගනිමින් මෙම “දියවර 2017” බක්මහ උළෙල සංවිධානය කිරීමේ අරමුණය.

    බෝට්ටු ධාවන තරග , ඔරු පැදීමේ තරග , පිහිණුම් තරග ,ගමහරහා දිවීමේ තරග ,බීච් වොලිබෝල් තරග, ඇතුළු ජන ක්‍රීඩා රැසකින් සමන්විත දියවර 2017 බක්මහ උළෙලේදී සිගිති දියවර කුමරිය තේරීමද සිදුකෙරේ .

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ පුර්ණ දායකත්වයෙන් සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය- තංගල්ල , තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , තංගල්ල මුලස්ථාන පොලිසිය , රුහුණු නාවුක කදවුර තංගල්ල හා තංගල්ල නගර සභාවේ සංවිධාන ශක්තියෙන් දියවර2017 බක්මහ උළෙල සංවිධානය කරනු ලැබේ .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya