මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සූරිය උදානය” ජාතික අලුත් අවුරුදු උළෙල 22 දා

    අප්‍රේල් 09, 2017

    අලුත් අවුරුදු  ජනක්‍රීඩා නව පරපුරට දැක බලාගැනීමට අවස්ථාව උදා කිරීම, ජාතීන් අතර සංහිඳියාව හා සහයෝගය ඇති කිරීම තුළින් සමානාත්මතාව ඇති කිරීමේ අරමුණ ඇතිව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, බුලත්සිංහල  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන  “සූරිය උදානය ජාතික අලුත්  උළෙල  - 2017”   ලබන 22 වන දින දවස පුරා බුලත්සිංහල ජාතික පැසල් පරිශ්‍රයේ දී පැවැත්වේ.


    මෙම අලුත් අවුරුදු උත්සවයේ පැපැදි ධාවන තරග, මැරතන් තරග, කඹ ඇදීම, අවුරුදු  කුමාරා/ කුමරිය තේරීම,  මෙන්ම චක්ගුඩු පැනීම, පොල් ගෑම, පොල් අතු විවීම, කණාමුට්ටිය බිඳීම, කැවුම් කෑම, බැලුම් පිපිරවීම, ලිස්සන ගහේ නැගීම, ආදී තරග මෙන්ම  ඔන්චිලි වාරම්, පංච දැමීම,  එළුවන් කෑම, ජන ගායනා, ඔළිඳ කෙළිය, රබන් වාදනය, කොට්ටා පොර , කතුරු ඔන්චිල්ලාව, පොරපොල් ගැසීම, උණ වෙඩි,  ආදී ජන ක්‍රීඩා රැසකින් සමන්විතය.

    අවුරුදු උත්සවය අවසානයේ දී සංස්කෘතික මධ්‍යස්ථාන මගින් ඉදිරිපත් කරනු ලබන නර්තන ප්‍රසංගයක්,  60 -70 දශකයේ කලාකරුවන්ගේ සංගීත ප්‍රසංගයක්, විවිධ ජන කොටස්වල සංස්කෘතික ප්‍රසංගයක්, හිටිවන කවිමඩුවක්, වාද බයිලා ප්‍රසංගයක්,  කිරි කොරහ ශාන්ති කර්මයක් , ජන ගී ප්‍රසංගයක් පැවැත්වීමටත් පසුදා පහන්වනතුරු  ශාන්ති කර්මයක් පැවැත්වීමටත් කටයුතු සංවිධානය කර ඇත.

    මෙම ජාතික අලුත් අවුරුදු  උළෙල අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ගේ සහභාගිත්වයෙන්  පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya