මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවිණ ගීත රචක සුනිල් සරත් පෙරේරාට උපහාර පිදේ

    අප්‍රේල් 07, 2017

    ප්‍රවීණ ගී පද රචක  සුනිල් සරත් පෙරේරා මහතා විසින් කලාව හා මාධ්‍ය උදෙසා සිදු කළ මෙහෙවර වෙනුවෙන් සංවිධානය කළ  සුනිල් සරත් පෙරේරා සමාසංශා උළෙල ඊයේ (06) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, ‍බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති, බෙල්ලන්විල විමලරතන අනුනායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ කථාන‍ායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙහිදි මූලාසන දේශනය කළ බෙල්ලන්විල විමලරතන නාහිමියන් ප්‍රකාශ කළේ සුභාවිත ගීත සාහිත්‍යයට නව අරුතක් එක් කළ  සුනිල් සරත් පෙරේරා මහතාණන් සංවේදී ශ්‍රෘවකයන් සිය පන්හි‍‍ඳෙන් අවදි කිරිමට සමත් වූ බවයි‍. දේශීයත්වය මුල් කරගනිමින් විශිෂ්ට ගණයේ නිර්මාණ රැසක් ගීත සාහිත්‍යයට දායාද කළ ඔහුගේ ගී පදවැල් කෙතරම් කල් ගතවුවත් සදා අමරණීය බව ද උන් වහන්සේ පැවසූහ. එසේම බොදු ගී රැසක් නිර්මාණය කරමින් බෞද්ධ ජන හදවත්වල අසීමිත බැතියක් ඇති කිරීමට සමත් වූ ඒ මහතා ප්‍රථම වරට දඹදිව බුද්ධ ගයාවේ සිට ප්‍රථම රූපවාහිනී සජීවී වැඩසටහන ඉදිරිපත් කරමින් ලාංකිය බෞද්ධ ජනයාට සිදු කළ මෙහෙවර පිළිබඳව ද උන්වහන්සේ මෙහීදී සිහිපත් කළහ.

    මෙම උත්සවයේ මුඛ්‍ය දේශනය පවත්වනු ලැබුවේ විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහතා විසිනි. ගීත රචනා, තිරු ලිපි, ළමා සාහිත්‍ය ආදියෙන් කලා ලොව පෝෂණය කළ  සුනිල් සරත් පෙරේරා මහතා කවියෙක්, කාව්‍ය විචාරකයෙක්, සමාජ විද්‍යාඥයෙක්, පරිසරයට ආදරය කරන පර්යේෂකයෙක්, දක්ෂ රාජ්‍ය සබඳතා නිලධාරියෙක්, මනා පරිපාලකයෙක් මෙන්ම හොඳ දැක්මක් ඇති උත්තම පුරුෂයෙක් බව උත්සව සභාව ඇමතූ කථිකයින්ගෙන් ප්‍රකාශ විය.

    සුනිල් සරත් පෙරේරා නිල වෙබ් අඩවිය විවෘත කිරීම මෙහිදී සිදු විය.

    මෙම උත්සවයට හිටපු කථා නායක වි.ජ.මු. ලොකුබණ්ඩාර, සම්මානිත මහාචාර්ය කාලෝ ෆොන්සේකා යන මහත්වරුන්  සහ මැතිඇමතිවරුන්, කලාකරුවන්, මාධ්‍ය ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya