අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැප්පෙටිපොල වලව්ව ප්‍රතිසංස්කරණට ඇමැතිගෙන උපදෙස්

    අප්‍රේල් 07, 2017

    කැප්පෙටිපොල නිලමේවරයා ජීවත් වූ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වහාම පියවර ගන්නා ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබාදීමට ද පියවර ගෙන ඇත.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස නම් කර ඇති වීර මොණරවිල කැප්පෙටිපොල නිලමේතුමන් ජීවත් වූ කැප්පෙටිපොල වලව්ව විනාශවීමේ අවදානමක පවතින බව සඳහන් වූ ප්‍රවෘත්තියක් අද (06) මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.

     මේ පිළිබඳව දැන ගත් වහාම ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් මොනරවිල කැප්පෙටිපොල අදිකාරම්තුමාගේ මිනිබිරියක වන ධනරංජනී මොනරවිල කැප්පෙටිපොල මහත්මියට ඊයේ (06) උදෑසන දුරකථනයෙන් ඇමතූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඒ සම්බන්ධයෙන් කරුණු විමසා තිබේ.

    එසේම ඒ සම්බන්ධව ඉදිරියේ දී මතුවන ඕනෑම කරුණක දී තමා දැනුවත් කරන ලෙස ද අමාත්‍යවරයා ධනරංජනී මොනරවිල කැප්පෙටිපොල මහත්මියව දැනුවත් කළ ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya