අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඇස්. පියසේන මහතා අභාවප්‍රාප්ත වෙයි

    අප්‍රේල් 05, 2017

    ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී  ඇස්. පියසේන මහතා අද (05) උදේ අභාවප්‍රාප්ත විය.

    උදෑසන ආහාර ගනිමින් සිටියේදී හදිසියේ ඇති වූ හෘදයා බාධයක් හේතුවෙන් රෝහල වෙත ගෙන යන අතරතුරදී ඒ මහතා මිය ගොස් ඇත.

     

    මිය යන විට 94 වැනි වියේ පසු වූ පියසේන මහතා සිය ජීවිතයේ අවසන් දින කිහිපය තෙක්ම ලේඛන කටයුතුවල යෙදෙමින් ජාතික පුවත්පත් දෙකකට සතිපතා තීරු ලිපි රචනා කළේය.

     

    මාධ්‍යවේදියෙකු, පාර්ලිමේන්තු කතා පරිවර්තකයෙකු , ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් වශයෙන් ද මධුරාසියේ නියෝජ්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස ද සේවය කොට ඇත.

    ඒ මහතා ප්‍රවීණ ග්‍රන්ථ කර්තෘවරයෙක් ද විය.

    පියසේන මහතාගේ දේහය හෙට (06) පෙරවරුවේ සිට බොරැල්ල ජයත්න අවමංගල ශාලාවේ තැම්පත් කොට තිබෙන අතර අවසන් කටයුතු 07 වැනි සිකුරාදා පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරෙන බව ඒ මහතාගේ දෙටු පුතු සුගීෂ්වර සේනාධීර මහතා www.news.lk වෙත පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya