අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපවත් වූ මහානායක දවුල්දෙන ඤාණිස්සර නාහිමිගේ ආදාහන පූජෝත්සවය හෙට

    අප්‍රේල් 05, 2017

    ශ්‍රී ලංකා  අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය දවුල්ලෙන ඤාණිස්සර නාහිමියන්ගේ ආදාහන පූජ්‍ය උත්සවය ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි , ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්, පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට (06) කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වීමට කටයතු  යොදා ඇත.

    උන්වහන්සේගේ ශ්‍රී දේහය දැනට නුගේගොඩ, පනාගොඩ පාරේ ශ්‍රී විද්‍යා විජයරාමයේ තැම්පත් කර ඇති අතර මහානායක අතිපූජ්‍ය දවුල්ලෙන ඤාණිස්සර නාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමි‍ණෙන ලෙස සියලු ජනතාවට ආරාධනා කර සිටියි.

    උන්වහන්සේ සම්බුද්ධ ශාසනයට කළ මෙහෙවරට ගරු කිරීමක් ලෙස සියලුම රාජ්‍ය ආයතනවල සහ නිවෙස්වල කහ වර්ණ ධජයක් ඔසවා තබන ලෙස රජය ඉල්ලා සිටියි.

    අතිපූජ්‍ය මහානාහිමියන් අග්ගමහා පණ්ඩිත, සාහිත්‍යශූරී, ත්‍රිපිටකාචාර්ය, භාෂාන්තර විශාරද, ජිනශාසන කීර්ති ශ්‍රී ග්‍රන්ථ විශාරද, සංස්කෘත චක්‍රවර්තී, රාජකීය පණ්ඩිත ආදී ගෞරව නාම රාශියකින් පිදුම් ලද සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ භාෂා ශාස්ත්‍රයන්හි උන්නතිය සදහා අතිවිශාල මෙහෙවරක් කළ යතිවරයාණන් වහන්සේ නමකි.

    ජාතික හා ශාසනික වශයෙන් මතුවන ප්‍රශ්ණවලදී වඩාත් ශාස්ත්‍රීය හා ධර්ම විනයානුකූල හේතු සාධක සහිතව එ්වාට විසඳුම් ඉදිරිපත් කරන භික්ෂූන් වහන්සේ අතර ප්‍රමුඛත්වය දවුල්ලෙන මහ‍ා නාහිමියන්ට හිමිවිය.   

    මෙරට තුළ  සුවිසල් ධර්මදූත සේවාවක නිරත වූ  ඤාණිස්සර නාහිමියෝ විද්‍යෝදය මහ පිරිවෙන, මහරගම සිරිවජිරඥාන ධර්මායතනවල, විද්‍යාස්ථානවල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට ත්‍රිපිටක ධර්මයත්, සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත භාෂාවන් පිළිබඳ දැනුම ලබා දුන්හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya