අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 8කට පසු ජනපති සිනමා සම්මාන උළෙලට සූදානම්

    මාර්තු 28, 2017

    ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් 1979 වසරේ මෙරට සුවිශේෂී වූ සම්මාන ප්‍රධානයක් ආරම්භ කෙරිණි. ඒ ජනපති සිනමා සම්මාන උළෙල වේ. එහෙත් එම අද්වීතීය හා වටිනා සම්මාන ප්‍රධානය පසුගිය වසර 08ක පමණ කාලයක සිට නොපැවැත් වූ අතර එයට බලපා තිබූ සමාජ, දේශපාලන හා ආර්ථික හේතූන් සියල්ල ඉවත්කර ගනිමින් නැවත ජනපති සිනමා සම්මාන උළෙල ආරම්භ කිරීමට රජය සූදානම් වේ.


     ඒ සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රමුඛතාව ගෙන කටයුතු කරන අතර මෙවර එම සුවිශේෂී උළෙල 2017 මාර්තු මස 31දා රාත්‍රියෙහි කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී යළි ඇරඹෙනු ඇත.


     ඒ සම්බන්ධව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් තරංගනී සිනමා ශාලාවේ පසුගියදා මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබිණි.

    එම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන කරුණාරත්න පරණවිතාන, රංජන් රාමනායක, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති දීපාල් චන්ද්‍රරත්න මතා ඇතුලු එහි අධ්‍යක්ෂ මණ්ඩලය, ජාතික රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් තුසිර මලව්වතන්ත්‍රි මහතා ඇතුලු ආයතන ප්‍රධානීන්, ප්‍රවීන නළු හා හිටපු අමත්‍ය ජීවන් කුමාරතුංග, ප්‍රවීන නිළි ශ්‍රියාණි අමරසේන ඇතුල කලා ක්ෂේත්‍රයේ රැසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya