මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් දින උළෙලට රාජ්‍ය නායකයින්ට ආරාධනා කිරීමට බුද්ධශාසන ඇමති එතෙර සංචාරයක

    මාර්තු 21, 2017

    ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 14 වන වෙසක් දින උළෙල මැයි මස 12,13,14 යන දිනවල කොළඹ හා මහනුවර දී පැවැත්වෙන අතර, මෙහි ප්‍රධාන ආරධිතයා වශයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදී මහතා සහභාගීවන වීමට නියමිත බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යාංශය සඳහන් කරයි.

    මේ සඳහා සහභාගී වීමට නියමිත කාම්බෝජය, වියට්නාමය, නේපාලය, ලාඕසය සහ මියන්මාර් යන රටවල රාජ්‍ය නායකයින්ට ආරාධනා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විශේෂ පණිවිඩයක් රැගෙන අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ දිනවල මෙම රටවල සංචාරයක යෙදී සිටින බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යංශය පවසයි.

    කාම්බෝජය, වියට්නාමය, නේපාලය, ලාඕසය සහ මියන්මාර් යන රටවල රාජ්‍ය නායකයින් සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යවරුන්, විදේශ කටයුතු අමාත්‍යවරුන් හා ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් අමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී හමු වීමට නියමිතය.

    එහිදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල සාර්ථක කර ගැනීම සඳහා මෙම රටවල සහයෝගය ලබා ගැනීම සහ ශ්‍රී ලංකාවේ බුදු දහම ජාත්‍යන්තර මට්මින් ව්‍යාප්ත කරවීම සඳහා මෙම රටවල් සමඟ ඉදිරියේදි ද්වීපාර්ශික වශයෙන් වැඩපිළිවෙළක් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම මෙම සංචාරයේ අරමුණ බවද  අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya