අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2017 රාජ්‍ය ඡායාරූප උළෙල සඳහා නිර්මාණ බාරගැනේ

    ජනවාරි 31, 2017
    කලාත්මක හා විද්‍යාත්මක සන්නිවේදන මාධ්‍යයක් ලෙස ඡායාරූපකරණය ප්‍රචලිත කිරීම. ඡායාරූප ශිල්පය ප්‍රශස්ත - ගුණාත්මක මාධ්‍යයක් ලෙස පවත්වාගෙන යාම හා රාජ්‍ය මට්ටමින් ඡායාරූපකරණය සඳහා නිසි වෘත්තීය වටිනාකමක් ලබාදීම අරමුණු කර ගෙන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන 2017 රාජ්‍ය ඡායාරූප උළෙල සඳහා දැන් නිර්මාණ බාරගනු ලබන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    ජීවන රටා සහ සංස්කෘතික අංග, සොබාදහම, වනජීවී සහ භූමිදර්ශන, ජනමාධ්‍ය, ප්‍රවෘත්ති සහ ක්‍රීඩා. මංගල අවස්ථා හා විවෘත යන ඕනෑම තේමාවක් යටතට ගැනෙන නිර්මාණාත්මක ඡායාරූප මේ සඳහා එවිය හැකිය. තරගකරුවන්ට ඉහත තරග අංශ අතරින් ඕනෑම අංශ ගණනකට නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර  එක් අයකුට එක් තරග අංශයක් සඳහා ඉදිරිපත් කළ හැකි උපරිම නිර්මාණ සංඛ්‍යාව 04කි. තමා විසින් ඉදිරිපත් කරනු ලබන ඡායාරූපය පිටුපස අයදුම්කරුගේ නම සහ නිර්මාණයේ මාතෘකාව පැහැදිළිව සඳහන් කළ යුතුය. 
     
    සියලු ම තරග අංශ සඳහා ඉදිරිපත් විය හැක්කේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට පමණක් වන අතර තරගය සඳහා ඉදිරිපත් කරන්නාවූ ඡායාරූප ස්ව නිර්මාණ විය යුතුය. යම් කිසි පුද්ගලයෙක් හෝ පිරිසක් පීඩාවට, අපහසුතාවයට පත් කරන්නාවූ කිසිදු ඡායාරූපයක් තරගය සදහා ඉදිරිපත් කළ නොහැකි සේම මින් පෙර ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමින් කිසියම් ජයග්‍රහණයක් හෝ සහතික හිමිකර ගත් ඡායාරූප මේ සඳහා ඉදිරිපත් කළ නොහැකිය. ඉදිරිපත් කරනු ලබන ඡායාරූප නිර්මාණවල දිග පැත්ත අඟල් 15 කට නොඅඩු විය යුතු අතර අඟල් 18 ප්‍රමාණය නොඉක්මවිය යුතුය. වර්ණ හා  ඒක වර්ණ භේදයකින් තොරව නිර්මාණ ඉදිරිපත් කළ හැකිය. 
     
    මෙම ඡායාරූප උළෙලේ කොන්දේසි හා අයදුම්පත www.culturaldept.gov.lk වෙබ් අඩවියෙන්  ලබාගත හැකි අතර වැඩි විස්තර 011 2872036 දුරකතනයෙන් විමිසිය හැකිය.
     
    නිර්මාණ ඉදිරිපත් කළ හැකි  අවසාන දිනය 2017 අප්‍රේල්  මස 28 වෙනි දින වන අතර, මෙදිනට පෙර ඔබගේ සියලු ම නිර්මාණ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට, ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගෙනවිත් බාරදිය හැකිය.
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya