මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සම්මාන උළෙල දෙකක් සඳහා අයදුම්පත් බාරගැනේ

    ජනවාරි 28, 2017
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන 2017 රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙලේ සහ රාජ්‍ය ළමා චිත්‍ර උළෙල සඳහා නිර්මාණ බාරගැනීම මේ දිනවල සිදුකෙරෙන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර 2017.02.03 දින රජයේ ගැසට් පත්‍රයෙන්, සංස්කෘති කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන www.culturaldept.gov.lk වෙත පිවිසිමෙන්  හෝ තම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරීගෙන් ලබාගත හැකිය.
     
    රාජ්‍ය චිත්‍ර හා මූර්ති උළෙල සඳහා තම නිර්මාණවල ඡායාරූප සහිත සංයුක්ත තැටි සමඟ සම්පූර්ණ කරන ලද අයදුම්පත් අධ්‍යක්ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, සෙත්සිරිපාය, බත්තරමුල්ල ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනවිත් බාරදිය හැකි අතර රාජ්‍ය ළමා චිත්‍ර උළෙලේ සියලු ම නිර්මාණ ජාතික සම්බන්ධිකාරක, රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක මණ්ඩලය, ජාතික කලා භවන, ආනන්ද කුමාරස්වාමී මාවත, කොළඹ - 07 යන ලිපිනයට  තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් බාරදිය හැක.
     
    සියලු නිර්මාණ  2017 මාර්තු මස 10 දින දක්වා බාර ගැනේ. වැඩි විස්තර  0112882551 / 0112872031 දුරකථනවලින් ලබාගත හැකිය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya