අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්මන් රජය සංහිඳියාව ගොඩනැගීමට කැපවෙලා ඉන්නවා - හිටපු ජනාධිපතිනිය

    ජනවාරි 20, 2017
    වත්මන් රජය පක්ෂ දෙකක් එකට එකතු වී ආණ්ඩුවක් පවත්වාගෙන යනවාක් මෙන් ම ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගීම සඳහා කැපව කටයුතු කරන බවත් ඒ පිළිබඳ ව වත්මන් රජය පැහැදිලි තීන්දුවක ඉන්නා බවත් ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ සභාපති, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පැවසුවාය.
     
    ඒ මැතිණිය මේ බව ප්‍ර‍කාශ කළේ ඊයේ (19) රක්වාන ශාන්ත ජෝන් ප්‍රාථමික විද්‍යාලයේ පැවති පාසල් මට්ටමේ ජාතික තෛපොංගල් අස්වනු මංගල්‍යයේ ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි.
     
    මෙම උත්සවය ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය, පාර්ලිමේන්තු ප්‍ර‍තිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය හා සබරගමු පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය එක්ව සංවිධානය කොට තිබුණි. මේ සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ පාසල් 20ක පමණ දරු දරියන් 800කට අධික පිරිසක් සහභාගිව සිටියහ.
     
    විවිධ ජාතීන්ට හා ආගම්වලට අයත් දරුවන් අතරේ සමගිය සංහිඳියාව ඇතිකිරීමේ අරමුණින් මෙම ජාතික උත්සවය සංවිධානය කොට තිබුණි. මෙම ජාතික උත්සවයට සමඟාමීව දිවයින පුරා තවත් මෙවැනි අධ්‍යාපන කලාප මට්ටමේ උත්සව 90කට ආසන්න ප්‍ර‍මාණයක් පැවැත්වීමට ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය කටයුතු යොදා ඇත. මෙම උත්සව මාලාව ජනවාරි 13දා සිට 31දා දක්වා ක්‍රියාත්මක කෙරේ. 
     
    දීර්ඝ කාලයක පටන් සිංහල, දෙමළ, මුස්ලිම් වැසියන් එකට ජීවත් වූ ශ්‍රී ලාංකිකයන් පසුගිය වසර දක්වාම ප්‍ර‍ධාන ආගමික උත්සව ජාතික මට්ටමින් එකට එක්ව සමරා නොතිබූ බව පෙන්වා දුන් හිටපු ජනාධිපතිනිය ඒ අනුව මෙම වැඩපිළිවෙළ පසුගි වසරේදී ආරම්භ කළ බවත් එවන් තත්ත්වයක් තුළ මෙරටේ යුද්ධයක් ඇතිවීම පුදුමයට කරුණක් නොවන බවත් පෙන්වා දුන්නාය.
     
    පසුගිය වසර 15ක කාලය තුළ ශ්‍රී ලංකාවේ දුප්පත්කම වැඩිවී ඇති බවත් අවුරුදු 05ට අඩු දරුවන්ගෙන් 40%ක් මන්දපෝෂණයෙන්ද 25%ක් අධි මන්දපෝෂණයෙන්ද පෙළෙන බවත් පෙන්වාදුන් හිටපු ජනාධිපතිනිය වත්මන් රජය විසින් පසුගිය ආණ්ඩුව බින්දුවට බස්සවා තිබූ ආර්ථිකය යළි ගොඩනගමින් සිටින බවත් රැකියා ඇතිකිරීමේ වැඩපිළිවෙළ හරහා රට ඉදිරියට යමින් පවතින බවත් පැවසුවාය.
     
    ජාතීන් වශයෙන් එක්සේසත් නොවුණහොත් රට දුප්පත්වීමට පත්වන බවත් මේ හේතුව නිසා රටේ සංවර්ධන කටයුතු දශක කිහිපයකින් ආපස්සට ගිය බවත් පාර්ලිමේන්තු ප්‍ර‍තිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා අනෙක් ජාතීන් හඳුනාගැනීමේ හැකියාව ඇතිවන මෙවන් අධ්‍යාපන සංහිඳියා වැඩසටහන් මීට පෙර රටේ ක්‍රියාත්මක නොවූ බවත් පෙන්වා දුනි.
     
    මෙම අවස්ථාවට ජාතික ඒකාබද්ධතා රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, සබරගමු පළාත් අමාත්‍යවරුන් වන භානු මුනිප්‍රිය, අතුල කුමාර රාහුබද්ධ මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya