අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෛ පෝංගල් උළෙලක් තමන්කඩුවේදී

    ජනවාරි 16, 2017
    තෛ පෝංගල් උළෙල වෙනුවෙන් සහජීවනය හා බහු සංස්කෘතික අංගවලට ගරු කිරීමක් වශයෙන් තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී අද සැමරුම් උළෙලක් පැවැත්වේ.
    සිංහල රාජ්‍ය සේවකයින් බහුතරයක් සිටින තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී මෙම තෛපෝංගල් සැමරුම සංවිධානය කර තිබුණු අතර ඉතා අලංකාරවත් කෝලම් සැරසිල්ලකින් පිවිසුම් දොර විචිත්‍රවත් කර තිබුණි.සියලු ධාන්‍ය මිශ්‍ර කිරිබතක් පිසීම හා අනෙකුත් ආගමික වතාවත් ද සිදු කෙරුණු මෙම බහු සංස්කෘතික අංගය ජාතික සංහිදියාව හා සංස්කෘතික අනන්‍යතාව තහවුරු කෙරෙන අවස්ථාවක් විය.
     
    මෙම අවස්ථාවට පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා ද එක්ව සිටි අතර ප්‍රාදේශීය ලේකම් නිශ්ශංක ආරච්චි මහතා හා මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන එකම හින්දු භක්තිකයා වූ සහකාර ප්‍රාදේශීය ලේකම් නවනීද රාජා යන මහත්වරුන්ගේ මග පෙන්වීමෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
     
    AP/DMU-Polonnaruwa
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya