අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභිනවයෙන් ඉදිකළ අවුකන බුඳු පිළිම වහන්සේ නිරාවරණය කිරීම

    ජනවාරි 14, 2017
    නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාපිත කළ අඩි 42ක් උසැති අවුකන බුදුපිළිම වහන්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් 25දා  සවස 4.30ට නිරාවරණය කෙරේ. 
     
    එදින උදෑසන සර්වඥ ධාතු හා ගෞරවණීය නිධන් වස්තු තැන්පත් කෙරේ. 
     
    මේ නිමිති කරගෙන අනුරාධපුර, මිහින්තලා රාජමහා විහාරයේ සිට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේලා කොළඹ බෞද්ධාලෝක මාවතේ සිට දර්ශනීය පෙරහරකින් අභයාරාම විහාරස්ථානය කරා වැඩමවාගෙන අවුත් 22දා සිට 24දා දක්වා සවස 06.00 සිට මහජනතාව වෙත ධාතු වන්දනාවක් ද සංවිධානය කොට ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya