මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිටාර් ෆෙස්ට් සංගීත වැඩසටහන - 2017

    ජනවාරි 13, 2017
    ගිටාර් සංගීතය ජනප්‍රිය කරවීම, නව පරපුරේ සංගීත රසවින්දනය දියුණු කිරීම ආදී අරමුණ ඇතිව ශ්‍රී ලංකා ගිටාර් සංගමය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව 07 වන  වරට පවත්වනු ලබන “ ගිටාර් ෆෙස්ට් - 2017 ” සංගීත වැඩසටහන ජනවාරි 20 සිට  26 දින දක්වා  ලංකාවේ පළාත් 05ක නගර 07ක ප්‍රසංග පැවැත්වීමට කටයුතු යොදා ඇත. 
     
    7 වන වරට පැවැත්වෙන ගිටාර් ෆෙස්ට්  -2017 සඳහා ජපානය හා ඉන්දියාවේ ජනප්‍රිය ගිටාර් වාදකයින් රැසක් සමග ලංකාවේ දක්ෂ ගිටාර් වාදකයින්  රැසක් සහභාගිවිමට නියමිත අතර මෙහි දී  ශාස්ත්‍රීය, ෆ්ලෙමින්කෝ, ට්‍රෝවා, විද්‍යුත් ගිටාර් වාදන ශෛලීන් වාදනය කිරීමට නියමිතය.
     
    සියලු ප්‍රසංග නොමිලේ පැවැත්වෙන අතර සෑම ප්‍රසංගයක් ම සවස 05.30 ට පැවැත්වීමට නියමිතය.
     
    ජනවාරි 20 -   ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, නුගේගොඩ 
    ජනවාරි 21 -   රුසියන් සංස්කෘතික මධ්‍යස්ථානය, කොළඹ - 07 
    ජනවාරි 22 -   පේරාදෙනිය විශ්ව විද්‍යාලය - ඉංජිනේරු පීඨය, ඊ.ඕ.ඊ. පෙරේරා ශාලාව 
    ජනවාරි 23 -   ධර්මරාජ ශ්‍රවණාගාරය (පාසල් සිසුන් සඳහා පමණයි) 
    ජනවාරි 24 -   නගර සභා ශාලාව, බදුල්ල 
    ජනවාරි 25 -   ස්වාමි විපුලානන්ද සංගීත ඇකඩමිය, නැගෙනහිර විශ්ව විද්‍යාලය
    ජනවාරි 26 -   කලෛයිතූද ශාලාව, ප්‍රධාන වීදිය, යාපනය  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya