අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටුගම්පොළ ආගමික සිද්ධස්ථාන සංවර්ධනයට ලක්ෂ 15ක ප‍්‍රතිපාදන

    ජූනි 19, 2014

    ආගමික සිද්ධස්ථාන සඳහා ආධාර ලබාදීමේ වැඩසටහන යටතේ කටුගම්පොළ මැතිවරණ කොට්ඨාසයේ තෝරාගත් ආගමික සිද්ධස්ථාන සංවර්ධනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 15ක ප‍්‍රතිපාදන බෙදාදීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය ඉකුත් පොසොන් පොහෝ දින ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා අමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණි. 


    ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර  ප‍්‍රියදර්ශන යාපා අමාත්‍යතුමාගේ ඉල්ලීමක් අනුව මහජන සම්බන්ධතා අමාත්‍යාංශය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ආගමික සිද්ධස්ථාන නගාසිටුවීම සඳහා ආධාර ලබාදීමේ වැඩසටහන යටතේ මෙම ආධාර මුදල් බෙදා දෙන ලදී.


    නීතිඥ චන්දන යාපා, කමල් හේරත් යන වයඹ පළාත් සභා මන්තීවරුන් සහ පන්නල ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් මහජන සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් කැෂියන් හේරත් මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ. 

    සමාරම්භක අවස්ථාවේ දී මාකදුර ශ‍්‍රී සරණංකරාරාම විහාරස්ථානය, හෙන්ඩියගල ශාස්ත්‍රෝදය පිරිවෙන, වැටකෙයාව චන්ද්‍රබිම්බාරාම විහාරය සහ ඊරියගොල්ල අබේසිංහාරාමය වන විහාරස්ථාන සඳහා මුල්‍ය ආධාර පිරිනමන ලදී. 


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya