අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් අාගමික වැඩ සටහන් රැසක්

    ජනවාරි 09, 2017
    ජනපති පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල රැසක රජයට හා රටවැසි ජනතාවට සෙත්පතා ආගමික වැඩ සටහන් ක්‍රියාත්මක විය. 
    රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පවත්වා පසුදින උදෑසන සාංඝික දානමය පූණ්‍ය කර්මයක් සිදු කරන ලදි.
     
    ඊට සමගාමීව පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශය මගින් රත්නපුර දිස්ත්‍රික් ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පලතුරු පැල සිටුවීමක් හා රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් පැල බෙදාදීමේ වැඩසටහනක්ද දියත් කරන ලදි.
     
     ratnapura
    ජනපති ප්‍රමුඛ රජයටත් රටවාසී සැමටත් සෙත්පතා සර්ව රාත්‍රික සෙත් පිරිත් සජ්ඡායනයක්ද පසුගියදා  කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වීණී. 
     
    පසුදින 15 නමකට අධික මහා සංඝරත්නය විශයෙහි සපිරිකර සංඝගත දක්ෂිනාවක්ද වෑවලදෙණිය විහාරස්ථානයේදී සිදු කරන ලදී. 
     
    කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එම්.අබේවික්‍රම වනසූරිය මහතාගේ මගපෙන්වීම යටතේ මෙම වැඩ සටහන සංවිධානය කර තිබුණි.
     
      
    ජනපති පදවි ප්‍රාප්ති දෙවර්ෂ පුර්ණය සමරා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ජනවාරි මස 07, 08 යන දෙදින තුළ සෙත් පිරිත් සඡ්ඣායනයක් ඇතුළු විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුනි.
     
    සෙත් පිරිත් සඡ්ඣායනයෙන් අනතුරුව පසුදා උදැසන මහා සංඝයා විෂයෙහි හීල් දානය පිරිනැමිම සිදුවිය. එදින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හිංදු කෝවිලේ දි විශේෂ දේව පුජාවක් ද පැවැත්විනි. 
     
    මෙයට සමගාමිව රුක් රෝපන වැඩසටහනක් සහ ශ්‍රමදාන වැඩසටහනක් ද සංවිධානය කර තිබුනි.
     
                                                                                                                                                                                                     kegalle 1
     
    රටට හා ජනතාවට සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී  පැවැත් විණි.
     
    ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී.කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික වැඩසටහන පැවති අතර පසුදා උදෑසන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා 35 නමක් වෙත දානය පිළි ගන්වමින් අවසන් විය.
     
    මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියළුම අංශ එක්ව සිටි අතර, එදින ලේකම් කාර්යාලීය පරිශ්‍රයේ දී පැලයක් රෝපණය කිරීමද දිස්‍ත්‍රික් ලේකම් එස් ටී කොඩිකාර මහතා වෙතින් සිදු විය. 
     
     galle 1
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya