අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට නත්තල් කලාපයක්

    දෙසැම්බර් 25, 2016

    කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට පැවැත්වෙන නත්තල් කලාපයේ නත්තල් ගස විවෘත කිරීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතින් සිදු කෙරිණි.

    ව්‍යාපාරික ප්‍රජාව සහ රාජ්‍ය ආයතන ඒකාබද්ධව මෙම නත්තල් කලාපය සංවිධානය කර තිබුනි. නත්තල් ගස විවෘත කිරීමෙන් පසු නත්තල් කළාපයේ නිරික්ෂණය කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා එක්විය.

    මම ඇමරිකාවේ ටෙක්සාස් ,ලොස් ඇන්ජලීස් සහ වෝෂිංටන් යන නගරවල පසුගියදා සංචාරය කළ බවත් නමුත් ලංකාවේ තරම් නත්තල් සැරසිලි එම නගරවල දක්නට ලැබුනේ නැති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    විදේශිය රටවල ජනතාවට තරම් ශ්‍රී ලාංකිකයින්ට විනෝදවීමේ  අවස්ථා ඉතාම අවම බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම නත්තල් කළාපය සංචාරක ව්‍යාපාරයට ද රුකුලක් වන බව ද පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට ජෝන් අමරතුංග, විජයදාස රාජපක්ෂ, චන්ද්‍රානි බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න යන අමාත්‍යවරුන් සහ කාවන්ද ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, දිනේෂ් වීරක්කොඩි මහතා ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya