අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිසුන්ගේ නර්තන කුසලතා ඇගයේ

    දෙසැම්බර් 13, 2016

    නර්තන ක්ෂේත්‍රයේ සුවිශේෂ කුසලතා පෙන්නුම් කරන පාසල් සිසුන් ජාතික තලයට හඳුන්වාදීම වෙනුවෙන් වාර්ෂිකව ක්‍රියාත්මක වන සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විය.

    අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පසුගියදා පැවති උත්සවයේදී සමස්ත ලංකා නර්තන තරගාවලියේ විශිෂ්ට කුසලතා දැක් වූ සිසු දරුවන් 120 දෙනෙකු ඇගයීමට ලක් වූහ.

     

    එමෙන්ම, මෙම තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා  දීර්ඝකාලීනව සම්බන්ධ වූ  විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, සහ ප්‍රවීණ නර්තන ශිල්පීන් 28 දෙනෙක් වෙනුවෙන් විශේෂ උපහාර සම්මාන පිරිනැමීමක් ද මෙහි දී සිදු විය.

     

    වසරක් පාසා පවත්වනු ලබන මෙම වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශයේ  සෞන්දර්ය අධ්‍යාපන ශාඛාව මඟින් සංවිධානය කරනු ලබයි.  


    අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් තුමන්, අතිරේක ලේකම්වරුන් සහ පළාත් නර්තන විෂයභාර නියෝජ්‍ය සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya