අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "අලුත් වැස්ස" කර්තෘ ප්‍රකාශන අලෙවි වැඩසටහනක් දිවයින පුරා

    දෙසැම්බර් 11, 2016
    ප්‍රා‍දේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල  සමඟ එක්ව “අලුත්වැස්ස“ නමින් කර්තෘ ප්‍රකාශන අලෙවි වැඩසටහනක් දිස්ත්‍රික් මට්ටමෙන් 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව  පියවර ගෙන  ඇත.
     
    ප්‍රාදේශීය ව විසිරී සිටින සාහිත්‍ය නිර්මාණකරුවන්ගේ කෘති අලෙවි කිරීම සඳහා වෙළඳපොළ අවස්ථා  විවරකරදීම, ලේඛකයින්ගේ ආර්ථීක සවිමත්භාවය වර්ධනය කිරීම, ළමා හා තරුණ නිර්මාණකරුවන් ලේඛන කලාව කෙරෙහි යොමුකිරීම හා නවපරපුර තුළ පොත් පත් පරිශීලනය හා කියවීමේ පුරුද්ද වර්ධනය කිරීම ආදී අරමුණු මුල්කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
     
    මෙම වැඩසටහන මගින් ඒ ඒ දිස්ත්‍රික්ක තුළ සිටින ලේඛක ලේඛිකාවන්ගේ  කර්තෘ ප්‍රකාශන ග්‍රන්ථ අලෙවි කරදීමට කටයුතු යොදන අතර ඒ අනුව 2017 වර්ෂයේ ජනවාරි මාසයේ සිට සතියේ සෑම බදාද දිනකම දිස්ත්‍රික් ලේකම් කාර්යල පරිශ්‍රවලදී මෙම ග්‍රන්ථ අලෙවි වැඩසටහන ක්‍රියත්මක කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya