අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යාපීඨ සිසුන්ගෙන් ‘විදුරඟසොබා’

    දෙසැම්බර් 01, 2016

    දිවයින පුරා පිහිටුවා ඇති ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක සිසුන් එකට එක් කරමින් ‘සංස්කෘතිය තුළින් සංහිඳියාව’ ‍තේමාව යටතේ සංවිධානය කරන ලද විදුරඟ සොබා සංස්කෘතික කල එළිදැක්ම පසුගියදා කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    දේශීය සංස්කෘතික වටිනාකම් සමාජයෙන් ගිලිහෙන්නට නොදී එම වගකීම් සමාජගත කරන්නටත්, සමාජ සංහිඳියාව ඇතිකරන්නට සංස්කෘතියෙන් ලබාගත හැකි පිටුබලය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

     

    විද්‍යාපීඨ 19ක සිසුන් 1,700ක් එකට එක්කරමින් ඔවුන්ගේ ගීත නර්තන, රංගන හා නාට්‍ය කුසලතා එළිදැක්වුණු විදුරඟ සොබා ප්‍රසංගය අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක් වේ.

     

    මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතා, ජර්මානු තානාපති ජෝන් රෝඩි (Jorn Rohde,) මහතා, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, ජාතික විද්‍යාපීඨ කොමසාරිස්වරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya