අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තන් සඳහා වන රාජ්‍ය කලා උළෙල දෙසැ. 03දා

    දෙසැම්බර් 01, 2016
    විශේෂ අවශ්‍යතා ඇති (ආබාධ සහිත) තැනැත්තන්ගේ කලා හැකියාවන් වර්ධනය කිරීම, ඒවා ප්‍රදර්ශනය කිරීම හා ඔවුන්ට සමාජ පිළිගැනීමක් ලබාදීමේ අරමුණ ඇති ව අභ්‍යන්තර, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව දෙවන වරට සංවිධානය කරනු ලබන  “විශේෂ අවශ්‍යතා ඇති (ආබාධ සහිත) තැනැත්තන් සඳහා වන රාජ්‍ය කලා උළෙල -2016 ” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දෙසැ. 03දා පෙරවරු 10.00 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්වේ.
     
    2016 වසරේ දී දීප ව්‍යාප්තව පැවැත්වූ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ තරගාවලියේ ජාතික තරග ජයග්‍රහණය කළ කලාකරුවන්  මෙම උත්සවයේ දී සම්මානයෙන් පිඳුම් ලැබීමට නියමිතය.
     
    මෙම අවස්ථාවට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න, නියෝජ්‍ය අමාත්‍ය  පාලිත තෙවරප්පෙරුම මහත්වරු ඇතුලු මැති ඇමතිවරු රැසක් සහභාගිවීමට නියමිතය.
     
    ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 7% ක් පමණ විවිධ විශේෂ අවශ්‍යතා ඇති (ආබාධ සහිත) පුද්ගලයෝ වෙති. මෙම පුද්ගලයින් අතර විශේෂිත කලා හැකියාවන් සහිත බොහෝ දෙනා  වෙති. විවිධ අබාධ නිසා ඔවුන්ගේ කලා හැකියාවන් වර්ධනය කරගැනීමටත් ඒවා ප්‍රදර්ශනය කිරීමටත් ඔවුන්ට අවස්ථාවක් නොමැති වීම නිසා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙම උළෙල සංවිධානය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya