මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපවත් වී වදාළ අතිපූජ්‍ය තෙරිපැහැ ශ්‍රී සෝමානන්ද මහානායක හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය 21 දා

    නොවැම්බර් 19, 2016

    උඩරට අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත, රාජකීය පණ්ඩිත, සාහිත්‍ය ශිරෝමණී ත්‍රිපිටක වාගිශ්වරාචාර්ය  මහෝපාධ්‍යය අතිපූජ්‍ය තෙරිපැහැ ශ්‍රී සෝමානන්ද මහානායක මා හිමිපාණන්වහන්සේ පසුගිය 17 වැනි දින අපවත් වූ අතර මහානායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් ලබන 21 වැනි දින පාර්ලිමේන්තු ක්‍රීඩාංගනගයේදී සිදු කිරීමට නියමිතය.

    අපවත්වන විට උන්වහන්සේ  92 වැනි වියේ පසු වූහ. බුදු දහමේ අභිවෘද්ධිය, උන්නතිය හා චිරස්ථිතිය වෙනුවෙන් අප්‍රමාණ සේවාවක් කළ මහානායක ස්වාමීන්වහන්සේගේ අපවත්වීම සම්බුද්ධ ශාසනයටත්, රටටත් අතිමහත් පාඩුවකි.

    තලවතුගොඩ උතුවන්කන්ද පාරේ සුදර්මාරාමයේ වැඩ විසූ මහානායක ස්වාමීන් වහන්සේ 1925.03.23 වන දින වලපනේ දී උපත ලැබූහ. 1939 08.16 වැනි දින පැවිදි බව ලැබූ මාහිමිපාණෝ 1945.07.19 දින උපසම්පදාව ලැබූහ. වලපනේ රූපහ විද්‍යාවිලාස පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා, කළුතර බෙල්ලන අගලවත්ත ධර්මපාල පිරිවෙනින් හා කැලණිය විද්‍යාලංකාර පිරිවෙනින් උසස් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබූහ. මරදාන ශ්‍රී ලංකා විද්‍යාල පිරිවනේ ආචාර්යවරයෙකු හා පසුව පාසල් ගුරු සේවයට බැඳි ආචාර්යවරයෙකු වශයෙන් ද උන්වහන්සේ සේවය කළහ.

    1982 දී ශ්‍රී සද්ධර්මවාගීශ්වරචාර්යය ගෞවරව උපාධිනාමය සහිත බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක පදවිය ලැබූ මහනායක හිමිපාණෝ 1988දී උඩරට අමරපුර මහා නිකායේ අනුනායක පදවියෙන් ද 2004 දී මහෝපාධ්‍යාය ධූරය සහිත මහානායක පදවියෙන් ද පිදුම් ලැබූහ.

    2009 දී මියන්මාර රජයේ අග්ග මහා පණ්ඩිත උපාධිය ලැබූ උන්වහන්සේ 2003දී සාහිත්‍ය ශිරෝමණී සම්මානය හා 2015 දී විද්‍යාලංකාර රත්න විභූෂණ සම්මාන උපාධිය ද ලැබූහ. ත්‍රිපිටකය ලිහිල් බසින් ලිවීමේ සම්පාදක මණ්ඩලයේ සාමාජිකයෙකු වූ උන්වහන්සේ අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක තනතුරු කිහිපයක්ද, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් ද කටයුතු කළහ.

    මහානායක හිමිපාණන් වහන්සේ සිංහලයේ පරිණාමය, බුද්ධ ධර්ම සංග්‍රහය, පන්සිය පනස් ජාතක පොත, සිංහල මාල කවි සංග්‍රහය ආදී වශයෙන් කෘතීන් 13ක් රචනා කළ අතර සඟරා රාශියක සංස්කාරක ධූරය ද දැරූහ.

    1970 සිට සුධර්මාරාම විහාරය ආරම්භ කළ උන්වහනසේ ඉරිදා දහම් පාසල පැවැත්වීම පමණක් නොව දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීම, මංමාවත් තැනවීම ආදී වූ සමාජ සුබසාධක කටයුතු රාශියක් ද දියත් කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya