අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල නොවැම්බර් 21දා

    නොවැම්බර් 17, 2016
    2016 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල නොවැම්බර් 21දා පස්වරු 6.00 ට කොළඹ 07, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී ප්‍රවීණ මාධ්‍යවේදී, රූපවාහිනී තිර රචක සෝමවීර සේනානායක මහතාගේ හා ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මියගේ  ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක,  අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.
     
    රූපවාහිනී නිර්මාණ ක්ෂේත්‍රයේ විශිෂ්ට කුසලතා දක්වන ලද නිර්මාණකරුවන් රාජ්‍ය මට්ටමෙන් ඇගයීමට ලක් කිරිම සඳහා පවත්වනු ලබන එකම සම්මාන උළෙල මෙය වේ.
     
    මෙහිදී  2015 වසරේ දෙසැම්බර් 31 වන දිනට සිංහල, දෙමළ මාධ්‍ය මගින් විකාශය කර අවසන් වූ රූපවාහිනී නිර්මාණ හා වැඩසටහන්  අංශ 40 ක් යටතේ  විශිෂ්ටයන් 76 දෙනෙක් සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය. 
     
    මෙදින රූපවාහිනී ක්ෂේත්‍රයට කරන ලද සේවාව උදෙසා ප්‍රවීණ නාට්‍යවේදී , ගේයපද රචක ලූෂන් බුලත්සිංහල මහතා  ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන යාවජීව  විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිත අතර රූපවාහිනී ක්ෂේත්‍රයට කරන ලද සේවය වෙනුවෙන් ආචාර්ය සෝමසිරි ඉලේසිංහ මහතා (රූපවාහිනී සංගීත ක්ෂේත්‍රය), ගිවන්ත අර්ථසාද් මහතා (රූපවාහිනි මාධ්‍ය රූප ක්ෂේත්‍රය) , ජී. එන්. ගුණවර්ධන මහතා (රූපවාහිනී නිෂ්පාදන සේවා  ක්ෂේත්‍රය) , ටි. ශ්‍රී ස්කන්ධරාජා (රූපවාහිනී ඉංජිනේරු ක්ෂේත්‍රය), ධර්මදාස පරණගම මහතා (රූපවාහිනී පර්යේෂණ ක්ෂේත්‍රය) , සම්මානයෙන් පුද කිරීමට නියමිතය.
     
    මෙම උත්සවයේ දී රූපවාහිනී මාධ්‍ය කලාව පිළිබඳ ව ප්‍රවීණ ලේඛකයන් රැසකගේ ලිපි ඇතුළත් “රූපවාහිනී සමීක්ෂා“ ශාස්ත්‍රීය ලිපි සංග්‍රහයේ 10 වැනි කලාපය නිකුත් කිරීම හා රූපවාහිනී මාධ්‍ය සංකථන දේශන මාලාවේ දේශන පිටපත් ග්‍රන්ථයක් ලෙස දොරට වැඩීම ද  සිදු වේ.
     
    රූපවාහිනී නිර්මාණ ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම හා එම ක්ෂේත්‍රයේ නියලී සිටින නිර්මාණකරුවන් රාජ්‍ය මට්ටමින් අගය කිරීමේ අරමුණෙන් 13 වන වරට පවත්වනු ලබන මෙම සම්මාන උළෙල අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය රූපවාහිනි කලා උපදේශක මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya