අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය 24 දා

    නොවැම්බර් 14, 2016
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ''විකසිත සියපත'' මහනුවර දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය මේ මස  24 වැනි දින මහනුවර උඩරට කලා සංගම් ශාලාවේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.මෙවර සාහිත්‍ය උත්සවයේ විශේෂත්වය වන්නේ එදින පෙ.ව. 9.00 සිට ප.ව. 9.00 දක්වා පැය 12 ක කාලයක් සාහිත්‍ය උත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබීමයි.
    ඒ අනුව පෙරවරුවේ දේශීයත්වය සහ නවීනත්වය යන මාතෘකාව යටතේ පැවැත්වෙන රස වින්දනාත්මක දේශනයක් සංවිධානය කොට ඇති අතර,  එම වැඩසටහන සහන් රන්වල බලකාය මගින් පවත්වනු ලබයි. මහනුවර දිස්ත්‍රික් සාහිත්‍ය තරගාවලියෙන් ජයලැබූ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අගයමින් ඔවුන්ගේ සම්මාන ප්‍රදානය කිරීමටද කටයුතු යොදා ඇති අතර, විවිධ සංස්කෘතිකාංග ඇතුලත් සංස්කෘතික ප්‍රසංග රැසක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 
     
    මීට අමරතව ප්‍රදේශ වාසීන්ගේ සාහිත්‍ය දැනුම වර්ධනය කිරීමේ අරමුණීන් පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය සහ කලා ශිල්පවල වටනාකම් කියාපාන සංස්කෘතික කලා ශිල්ප අධ්‍යාපනික ප්‍රදර්ශනය දිනය පුරාම පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ. පස්වරු 6.00 සිට ප.ව. 9.00 දක්වා රාජ්‍ය සංගීත කණ්ඩායම සමග එක්වන 60 සහ 70 දශකවල ගායක ගායිකාවන් එක්ව ඉදිරිපත් කරන සුභාවිත සංගීත වැඩසටහන ''ගී මධු මිහිර'' නමින් පැවැත්වීමටද කටයුතු සංවිධානය කොට තිබේ.
     
    මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරු වන අමාත්‍ය එස්.බී දිසානයක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙවර සාහිත්‍ය කලා මහෝත්සවය පැවැත්වේ.
     
    AP/DMU-Kandy
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya