වසර දෙසියයකට පමණ වඩා ඉපැරණි ගිංතොට වැලිපිටිමෝදර ශ්‍රී ථූපාරාම පුරාණ රජමහා විහාරස්ථානයේ චෛත්‍යරාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කොට පූජෝපහාරය පිණිස විවෘත කිරීමේ මහා පූජෝත්සවය පසුගියදා සිදුකෙරිණි. අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක සුවාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධන මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහභාගීත්යෙන් පැවති මෙම පූජෝත්සවය සඳහා ගිහි පැවදි විශාල පිරිසක් එක්වූහ.