අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයේ Shanghai ජාත්‍යන්තර ඡායාරූප තරඟාවලියෙන් යමුනී රශ්මිකා PSA රිදී සම්මානය දිනයි

    නොවැම්බර් 04, 2016

    චීනයේ Shanghai ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනයෙන් හා තරඟාවලියෙන් ( The 13th Shanghai International Photographic Art Exhibition ) විවෘත ප්‍රවෘත්ති ඡායාරූප අංශයෙන් PSA Silver රිදී සම්මනය දිනා ගැනීමට ඡායාරූපශිල්පිණී යමුනී රශ්මිකා පෙරේරා සමත් වී තිබේ.

    13 වන වරට පැවැත්වෙන මෙම අන්තර්ජාතික ඡායාරූප තරඟය චීනයේ සංවිධානය වන ඉහළ පෙළේ තරඟාවලියකි.

    Shanghai Cultural Development Foundation විසින් මෙම ඡායාරූප ප්‍රදර්ශනය සංවිධානය කරයි. ඇය විසින් තරඟාවලියට ඉදිරිපත් කළ Ceremonial නැමැති ඡායාරූපයට රිදී සම්මානය හිමිව තිබේ.

    යමුනී රශ්මිකා පෙරේරා, ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති ඡායාරූපශිල්පිණිය ලෙස ද වසර 2008 දී සම්මානයට පාත්‍ර විය.

    මීට අමතරව මෙම අන්තර්ජාතික ඡායාරූප තරගයේ දී ඉදිරිපත් කළ ඡායාරූප රැසක් එම සර්බියාවේ සහ බල්ගේරියාවේ දී අන්තර්ජාතික ප්‍රදර්ශනය සඳහා තේරී පත් වී තිබේ. ඇය විසින් ඉදිරිපත් කළ ඡායාරූප කීපයකට ගෞරව සම්මාන ද හිමිකර ගැනීමට සමත් වූවාය.

    බල්ගේරියාවේ Academy of Photography Bulgaria විසින් සංවිධානය කළ FLASH MUSIC- 2016 අන්තර් ජාතික ඡයාරූප තරගාවලිය සහ ඡායාරූප ප්‍රදර්ශනයෙන් ( වර්ණ අංශයෙන් ) GOLD FIAP රන් සම්මානය ද FIAP Honrable Mention (ගෞරව ) සම්මානයෙන් පිදුම් ලැබීමට ද යමුනී රශ්මිකා සමත් වූවාය. ඇය විසින් FIAP රන් සම්මානයෙන් පිදුම් ලබන දෙවන අවස්ථාව මෙය වෙයි.

    මෙම ඡායාරූප තරගාවලියේ රිදී සම්මානය ස්පාඤ්ඤයේ Luis Maria විසින් හිමිකර ගෙන තිබෙන අතර ලෝකඩ සම්මානය නෙදර්ලන්තයේ Marcel Van Balken විසින් හිමිකර ගෙන තිබේ.

    මෙම ඡායාරූප තරගාවලියේ දී Asura සහ Oppossition යන ඡායාරූප අන්තර්ජාතික ප්‍රදර්ශනය සඳහා තේරීපත් වී ඇත.

    සර්බියාවේ අන්තර්ජාතික ADRIATIC - 2016 ඡායාරූප ප්‍රදර්ශනය සහ තරගයේ දී එම අන්තර්ජාතික ඡායාරූප තරගයේ පිරිනමන GP PCA Gold ගෞරව ( රන්) සම්මානය ජය ගැනීමට යමුනී රශ්මිකා සමත් වී තිබේ. රටවල් පනහකට වඩා නියෝජනය කළ ඡායාරූප ශිල්පීන් 1218ක් තරගාවලිය සඳහා ඡායාරූප යොමු කර තිබුණි.

    තවද එම තරගාවලියේ දී Oppossition නමින් ඉදිරිපත් කළ ඡායාරූපය සඳහා FSS HM ගෞරව සම්මානය හිමිව තිබේ. Hopes and Dreams, Life jump, Life and Lovers Smile, Kandian Dance, Sri Lankan ,Ceremonial, Rest, Depth of silent, Avatar යන ඡායාරූප
    සියල්ලම අන්තර්ජාතික ප්‍රදර්ශනය සඳහා තේරීපත් ව තිබේ.

    ස්වේකියාවේ Slovak Federation of Photographers සංවිධායනය තුන්වන වරටත් පවත්වනු ලැබූ අන්තර්ජාතික 3rd International Salon of Photography "SPRING FOTOSALON BARDAF"තරඟාවලියේ දී ජනමාධ්‍ය ඡායාරූපකරණය අංශයෙන් ‘’FIAP රන් සම්මානය’’ ජයග්‍රහනය පසුගිය දා රන් සම්මානයෙන් ද පිදුම් ලබුවාය. මෙම සම්මාන සියල්ල ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පිනියක විසින් හිමිකරගත් ප්‍රථම අවස්ථාව වීම සුවිශේෂීය.මෙහි දෙවැනි ස්ථානය හන්ගේරියාවට ( රිදී සම්මානය ) ද, තෙවැනි ස්ථානය ඉන්දියාවට ( ලෝකඩ සම්මානය ) ද හිමිව තිබේ.

    "SPRING FOTOSALON BARDAF"තරගාවලිය සඳහා රටවල් 50ක, 300කට වඩා ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප 2000ක් පමණ ඉදිරිපත් කර තිබිණි.මීට පෙර අන්තර්ජාතික ඡායාරූප තරග රැසකින් ජයග්‍රහණ හිමිකර තිබෙන යමුනී රශ්මිකා පෙරේරා, ප්‍රංශයේ ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනය මඟින් පිරිනමන ඡායාරූප කලාවේ FIAP සම්මානයෙන් පිඳුම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිය ඡායාරූප කලාවේදිනියද වෙයි. ඇය මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඡායාරූප අංශයේ සේවයේ යෙදී සිටියි.

     

    CeremonialYamuni Rashmika Perera

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya