මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විහාරස්ථාන 200ක් වෙනුවෙන් කෝටි 02ක භාණ්ඩ බෙදන ගිරිභණ්ඩ පූජාව

    සැප්තැම්බර් 14, 2016
    තලගල ගෝනපල හන්දිය ශ්‍රි සිද්ධාර්ථ පදනමෙහි නිර්මාතෘ තලගල සුමනරතන නාහිමිගේ මූලිකත්වය හා අනුශාසනා පරිදි ශ්‍රී ලංකාවේ දුෂ්කර විහාරස්ථාන වෙත ගිරිභණ්ඩ පූජාව සිදුකරගෙන යන අතර මෙවර මාතලේ දිස්ත්‍රික්කයේ දුෂ්කර විහාරස්ථාන 200ක් වෙනුවෙන් කෝටි 02ක පමණ භාණ්ඩ බෙදාදීම වෙනුවෙන් සංවිධානය කළ පිංකම මහරගම නාවින්න නගර සභා ක්‍රිඩා පිටියේ දී පැවැත්වේ. 
     
    එම පිංකමෙහි සමාරම්භය පසුගිය දින පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ද එක් විණි.
     
    ක්‍රි.ව 09- 21 අතර කාලයේ අනුරාධපුරයේ රජ කළ මහාධාඨික මහානාඝ රජතුමා විසින් මීට වර්ෂ 1982 කට පෙර අවසන් වරට ගිරිභණ්ඩ පූජාව සිදුකර ඇති බවත් ඒ අනුරාධපුර මිහින්තලා මහාසෑය ඉදිකොට එය ශාසනයට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සයේ දී බවත් ථුපවංශය හා මහාවංශයේ සඳහන් වේ. 
     
    එය මහානාඝ රජ විසින් මිහින්තලා මහාසෑයේ උසට සමාන වන පරිදි ගිරිභණ්ඩ පූජාව සිදු කිරීමෙන් බවත් එහි සඳහන්ව ඇත. රජ සමයට පසුව ගිරිභණ්ඩ පූජාව නැවත ආරම්භ කිරීම වෙනුවෙන් තලගල මංගලාරාම විහාරාධිපති තලගල සුමනරතන නාහිමි ප්‍රමුඛත්වය ගෙන 2003 වසරේ ආරම්භ කළ මෙම පිංකම මගින් තන්තිරිමලය, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අම්පාර, මොණරාගල සහ බදුල්ල ප්‍රදේශවල විහාරස්ථාන 800ක් වෙත භාණ්ඩ බෙදා දී තිබේ.
     
    මෙවර 07 වැනි වරට සිදු කරන ගිරිභණ්ඩ පූජාව මාතලේ දිස්ත්‍රික්කයේ දුෂ්කර විහාරස්ථාන වෙත පිරිනැමීම 18දා පෙරවරු 9.30 ට සිදු කිරීමට කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya