අගෝස්තු 04, 2020
tami eng youtube  twitter facebook
    logo

    අති පූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට

    සැප්තැම්බර් 11, 2016
    අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ශ්‍රී කල්‍යාණ යෝග්‍රාශ්‍රම සංස්ථාධිපති හා ප්‍රධාන අනුශාසක, මහා කම්මට්ඨානාචාය්‍යී, ත්‍රිපිටක වාගීශ්වරාචාය්‍යී, ශ්‍රී ජිනවංශ ඥණාරාම ශාසන ධජ, සද්ධර්ම වාගීශ්වරාචාය්‍යී අති පූජනීය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය ඇති ව  හෙට (12) පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රිඩාංගණයේ දී සිදු කෙරේ.
     
    අම්බලංගෙඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රම භූමියේ මහජන ගෞරවය සඳහා තැන්පත් කොට ඇති දේහය අද (11) කොළඹ බෞද්ධාලෝක මාවතේ ශ්‍රි කල්‍යාණධර්ම ආශ්‍රමය වෙත රැගෙන එන අතර හෙට නිදහස් චතුරශ්‍ර භූමියට රැගෙන ඒමට කටයුතු යොදා ඇත. 
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත  පූජනීය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිත ව සිදුකිරීමට රජය කටයුතු යොදා ඇත.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya