අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද පළාත් සාහිත්‍ය උත්සවය පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේදී

    සැප්තැම්බර් 09, 2016
    උතුරු මැද පළාත් සාහිත්‍ය උත්සවය පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේදී  පැවැත්විණි.
    උතුරු මැද පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව,ලේඛක හවුල හා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලැබූ මෙහිදී උතුරුමැද පළාත් කලාකරුවන්ගේ නාම ලේඛනය එළිදැක්වීම , පළාතේ ලේඛක ලේඛිකාවන්ගේ නවතම ග්‍රන්ථ එළිදැක්වීම, සාහිත්‍ය රස වින්දන, කෙටි නාට්‍ය, ළමා නාට්‍ය ඇතුළු සංස්කෘතික සංදර්ශනයක් මෙන්ම පොත් ප්‍රදර්ශනයක්ද පැවැත්විණි. 
     
    මෙම අවස්ථාවට පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් එස්. සේනානායක,පළාත් සංස්කෘතික අධ්‍යක්ෂිකා කලාංජලී දර්ශනා අරුණශාන්ත ,පොලොන්නරුව සහකාර දිස්ත්‍රික් ලේකම් ගංගාණී නිරෝෂනා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්වූහ.
     
    AP/DMU-Polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya