අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වීථී කලාකරුවන් ජාත්‍යන්තරයට ගෙනයාමේ පළමු පියවර තැබුවා - අමාත්‍ය ෆයිසර් මුස්තෆා

    සැප්තැම්බර් 09, 2016
    වීථී කලාකරුවන් ජාත්‍යන්තරයට ගෙනයාමේ පළමු පියවර තැබූ බව, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, වීථී කලාකරුවන්ට හැඳුනුම්පත් නිකුත්කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
     
    අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ සංකල්පයක් අනුව, කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේ නිර්මාණකරණයේ යෙදෙන, වීථී කලාකරුවන් 58 දෙනෙකුට හැඳුනුම්පත් නිකුත් කෙරුණි. කොළඹ මහ නගර සභාව විසින් එම හැඳුනුම්පත නිකුත් කරන ලදී.
     
    ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයෙත් මෙම කලාකරුවන්ට තැනක් ලැබෙන වැඩසටහනක් කොළඹ මහ නගර සභාව, සංචාරක මණ්ඩලය, සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ තවත් පෞද්ගලික ආයතන එක්ව කටයුතු කරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා  ඒ අදාළ ආයතනත් සමඟ වීථී කලාකරුවන් ජාත්‍යන්තරයට ගෙනයාමට තමන් උත්සාහ කරන බවත් පැවසීය.
     
    වසර 16ක සිට මෙම ස්ථානයේ සිටින කලාකරුවන්ට පළමුවරට අද මෙම හැඳුනුම්පත ලැබෙන බවත් ඊට අමතරව සෑම මාසයකම අවසන් සති අන්තයේ ප්‍රදර්ශනාත්මක වැඩසටහනක්, කොළඹ නගරයේ සහ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රචාරක පුවරු ඉදිකරන්න, මෙරටට පැමිණෙන විදේශීය සංචාරයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්, 
    වැනි අංග රාශියක් ඉදිරියේදී සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුනි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya