අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අති පූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන්

    සැප්තැම්බර් 09, 2016
    අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ශ්‍රී කල්‍යාණ යෝග්‍රාශ්‍රම සංස්ථාධිපති හා ප්‍රධාන අනුශාසක, මහා කම්මට්ඨානාචාය්‍යී, ත්‍රිපිටක වාගීශ්වරාචාය්‍යී, ශ්‍රී ජිනවංශ ඥණාරාම ශාසන ධජ, සද්ධර්ම වාගීශ්වරාචාය්‍යී අති පූජනීය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය ඇති ව 12දා පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රිඩාංගණයේ දී සිදු කෙරෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
     
    ශ්‍රී දේහය අද (09) සහ හෙට (10) දෙ දින අම්බලංගෙඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රම භූමියේ මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරේ. 11දා කොළඹ බෞද්ධාලෝක මාවතේ ශ්‍රි කල්‍යාණධර්ම ආශ්‍රමයේ ශ්‍රී දේහය තැන්පත් කෙරෙන අතර 12 දා නිදහස් චතුරශ්‍ර භූමියට රැගෙන ඒමට කටයුතු යොදා ඇත. 
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත  පූජනීය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිත ව සිදුකිරීමට රජය කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya