අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පොසොන් උදානය වාරියපොළදී අදත්

    ජූනි 13, 2014
    පොසොන් පෝය නිමිත්තෙන් පාරිභෝගික කටයුතු සහ සුබසාධන අමාත්‍යංශය සහ වයඹ පළාත් සභාව ඒකාබද්ධව සංවිධානය කරන පොසොන් කලාපය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න සහ වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර යන  මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන් ඊයේ (12) වාරියපොළදී විවෘත කෙරිණි.


    දින 4ක් පුරා රාත්‍රී කාලයේ වාරියපොළදී පැවත්වෙන මේ පොසොන් කලාපයේ අද (13) පොසොන් බැති ගී ප්‍රසංගයක් පැවැත්වෙන අතර හෙට (14) වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පළාත් හා ජාතික මට්ටමින් ජයග්‍රහණය කළ බැති ගී කණ්ඩායම් ඉදිරිපත් කරන බොදු බැති ගී ප්‍රසංගයක් සංවිධානය කර ඇත.
     

    අනිද්දා (15) සංස්කෘතික නිලධාරීන් සහ කලායතන මඟින් ඉදිරිපත් කරනු ලබන සංස්කෘතික වැඩසටහන් පැවැත්වීමට නියමිතව ඇති අතර මේ  වැඩසටහන් සම්බන්ධීකරණය ජනකලා කේන්ද්‍රය මඟින් සිදු කරනු ඇත.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya