අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “තිනෙත රූපවාහිනී” වෙබ් අඩවිය අන්තර්ජාලයට

    ජූනි 13, 2014

    ලෝකයේ රටවල් 116කට ශී‍්‍ර ලංකාවේ සිට චන්ද්‍රිකා මාර්ගයෙන් විකාශය කිරීමට කටයුතු යොදා ඇති තිනෙත රූපවාහිනී නාලිකාවේ නිල වෙබ් අඩවිය ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් සහ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල යන මහතුන්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය බදාදා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අන්තර්ජාලයට එක් කරන ලදී.


    ආසියාව, මැද පෙරදිග අප‍්‍රිකානු රටවල්, යුරෝපය හා ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 116කට විකාශය වන මෙම නාලිකාවේ ජාතික මට්ටමේ නාලිකාවල විකාශනය වන සියලුම වැඩසටහන් විකාශය වීමට නියමිතය. තිනෙත ටීවී නාලිකාව පිළිබඳ වැඩිදුර තොරතුරු www.thinetha.tv වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි බව එම නාලිකාවේ සභාපති රොහාන් වැලිවිට මහතා පවසයි.


    මෙම අවස්ථාවට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වසන්තප‍්‍රිය රාමනායක, චිත‍්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය, සුනිල් ටී. ප‍්‍රනාන්දු, ජනිත මාරසිංහ චිත‍්‍රපට අධක්ෂ වී. සිවදාසන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


    HC

    Thinetha TV Web

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya