ඔක්තෝබර් 31, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡයාරූප කලාවේදිනි යමුනී රශ්මිකාට ජාත්‍යන්තර ගෞරව රන් සම්මාන දෙකක්

    සැප්තැම්බර් 06, 2016
    ජාත්‍යන්තර සම්මානලාභී ජනමාධ්‍ය ඡායාරූප ශිල්පිණියක වන මාධ්‍යවේදිනී යමුනී රශ්මිකා පෙරේරා ඡායාරූපකරණයෙන් තවත් ජාත්‍යන්තර රන් සම්මාන දෙකක් ජයග්‍රහණය කිරීමට සමත් වී තිබේ.
     
    මීට අමතරව මෙම අන්තර්ජාතික ඡායාරූප තරගයේ දී ඉදිරිපත් කළ ඡායාරූප රැසක් එම සර්බියාවේ සහ බල්ගේරියාවේ දී අන්තර්ජාතික ප්‍රදර්ශනය සඳහා තේරී පත් වී තිබේ. ඇය විසින් ඉදිරිපත් කළ ඡායාරූප කීපයකට ගෞරව සම්මාන ද හිමිකර ගැනීමට සමත් වූවාය.
     
    බල්ගේරියාවේ Academy of Photography  Bulgaria විසින් සංවිධානය කළ FLASH MUSIC- 2016  අන්තර් ජාතික ඡයාරූප තරගාවලිය සහ  ඡායාරූප ප්‍රදර්ශනයෙන් ( වර්ණ අංශයෙන් ) GOLD FIAP රන් සම්මානය ද FIAP  Honrable Mention (ගෞරව ) සම්මානයෙන් පිදුම් ලැබීමට ද යමුනී රශ්මිකා සමත් වූවාය. ඇය විසින් FIAP රන් සම්මානයෙන් පිදුම් ලබන දෙවන අවස්ථාව මෙය වෙයි.
     
    මෙම ඡායාරූප තරගාවලියේ රිදී සම්මානය ස්පාඤ්ඤයේ Luis Maria විසින්  හිමිකර ගෙන තිබෙන අතර ලෝකඩ සම්මානය නෙදර්ලන්තයේ Marcel Van Balken විසින් හිමිකර ගෙන තිබේ.
     
    මෙම ඡායාරූප තරගාවලියේ දී Asura සහ  Oppossition යන ඡායාරූප අන්තර්ජාතික ප්‍රදර්ශනය සඳහා තේරීපත් වී ඇත.
        
    සර්බියාවේ අන්තර්ජාතික ADRIATIC - 2016 ඡායාරූප ප්‍රදර්ශනය සහ තරගයේ දී එම අන්තර්ජාතික ඡායාරූප තරගයේ පිරිනමන GP PCA Gold ගෞරව  ( රන්) සම්මානය ජය ගැනීමට යමුනී රශ්මිකා සමත් වී තිබේ. රටවල් පනහකට වඩා නියෝජනය කළ ඡායාරූප ශිල්පීන් 1218ක් තරගාවලිය සඳහා ඡායාරූප යොමු කර තිබුණි.
     
    තවද  එම තරගාවලියේ දී Oppossition නමින් ඉදිරිපත් කළ ඡායාරූපය සඳහා FSS HM ගෞරව සම්මානය හිමිව තිබේ. Hopes and Dreams,  Life jump,  Life and Lovers Smile,  Kandian Dance, Sri Lankan ,Ceremonial, Rest, Depth of silent, Avatar යන ඡායාරූප සියල්ලම අන්තර්ජාතික ප්‍රදර්ශනය සඳහා තේරීපත් ව තිබේ.
     
    ස්වේකියාවේ  Slovak Federation of Photographers සංවිධායනය තුන්වන වරටත් පවත්වනු ලැබූ අන්තර්ජාතික   3rd International Salon of Photography "SPRING FOTOSALON BARDAF"තරඟාවලියේ දී ජනමාධ්‍ය ඡායාරූපකරණය අංශයෙන්  ‘’FIAP රන් සම්මානය’’ ජයග්‍රහනය  පසුගිය දා රන් සම්මානයෙන් ද පිදුම් ලබුවාය. මෙම සම්මාන සියල්ල ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පිනියක විසින් හිමිකරගත් ප්‍රථම අවස්ථාව වීම සුවිශේෂීය.
     
    මෙහි දෙවැනි ස්ථානය හන්ගේරියාවට ( රිදී සම්මානය )  ද, තෙවැනි ස්ථානය ඉන්දියාවට ( ලෝකඩ  සම්මානය ) ද හිමිව තිබේ.
     
    "SPRING FOTOSALON BARDAF"තරගාවලිය සඳහා  රටවල් 50ක, 300කට වඩා ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප 2000ක් පමණ ඉදිරිපත් කර තිබිණි.
     
    මීට පෙර අන්තර්ජාතික ඡායාරූප තරග රැසකින් ජයග්‍රහණ හිමිකර තිබෙන යමුනී රශ්මිකා පෙරේරා, ප්‍රංශයේ ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනය මඟින් පිරිනමන ඡායාරූප කලාවේ  FIAP  සම්මානයෙන් පිඳුම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිය ඡායාරූප කලාවේදිනියද වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya