මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශන සැප්: 01 දා

    අගෝස්තු 30, 2016
    2016 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය නිමිත්තෙන් සංවිධානය කෙරෙන රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශන සැප්: 01දා පස්වරු 3 .00 ට කොළඹ 07, නිදහස් මාවතේ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. 
    ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සව දේශනයේ දී “ සිංහල පද්‍ය සාහිත්‍යයේ ප්‍රතිබිම්බිත විවිධත්වය පිළිබඳ විචාරාත්මක ප්‍රත්‍යාවලෝකනය” මැයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ  මහාචාර්ය දර්ශන රත්නායක මහතා දෙසුමක් පවත්වනු ලබන අතර  “ දයානන්ද ගුණවර්ධන නාට්‍යවේදීන් ප්‍රතීත රංගයේ සාහිත්‍යමය ලක්ෂණ හා විශේෂතා ” මැයෙන් දේශනය පවත්වනු ලබන්නේ ප්‍රවීන රංගන ශිල්පී ආචාර්ය ජයලත් මනෝරත්න මහතා විසිනි. 
     
    රංගන හා ගායනා නිශ්ශංක දිද්දෙනිය, ජැක්ෂන් ඇන්තනී, රත්නා ලාලනී ජයකොඩි, මාධිනී මල්වත්ත , ජගත් බෙනරගම ඇතුළු පිරිස විසින් වන අතර සංගීතය රංජිත් බාලසූරියගෙනි.
     
    අදාළ දේශනවල මුද්‍රිත පිටපත් එදින සහභාගිවන්නන් හට නොමිලේ  ලබාදීමට කටයුතු යොදා ඇත.  රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව මෙම දේශනය සංවිධානය කරයි.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya