අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහතලා සාහිත්‍ය කලා මහෝත්සවය සැප්.01.02. 03. මාතලේ දී

    අගෝස්තු 27, 2016
    සාහිත කලාවේ සොදුරු ඉසව් පිරා - ආනන්දයෙන් ප්‍රඥාවට යන තේමාව යටතේ මාතලේ දිස්ත්‍රික් සාහිත්‍ය කලා සංසදය,මාතලේ  දිසා ලේකම් කාර්යාලය සහ මාතලේ මහ නගර සභා පුස්තකාල කමිටුව ඒකාබද්ධව සංවිධානය කරන මහතලා සාහිත්‍ය කලා මහෝත්සවය  සැප්තැම්බර්  01,  02, 03 යන දිනයන්හී දී මාතලේ නගරය කේන්ද්‍රකොටගෙන පැවැත්වෙන බව දිස්ත්‍රික් සාහිත්‍ය කලා සංසදයේ සභාපති ගාමිණි නිශාන්ත කරුණාරත්න මහතා පැවසීය.
    මෙම උත්සවයේ සමාරම්භක දිනයේ දී හිටපු දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතාගේ යෝජනාවක් අනුව මහනගර සභා පුස්තකාල පරිශ්‍රයේ පිහිටුවනු ලැබූ මාතලේ ලේඛකයින්ගේ පොත් කවුළුව විවෘත කිරීම, මාතලේ ලේඛකයින්ගේ පොත් ප්‍රදර්ශනය සහ අළෙවිය, ජාතික හා ජාත්‍යන්තර සම්මානලත් පොත් ප්‍රදර්ශනය විවෘත කිරීම,නගර සභා පුස්තකාල පරිශ්‍රයේ දී  සිදු කෙරේ.
     
    මීට සමගාමීව මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේදී ද පොත් ප්‍රදර්ශනයක් පැවැත්වේ. මෙදින පෙ. ව 10.00 ට දිසා ලේකම් කාර්යාලයීය  ශ්‍රවණාගාරයේ දී මාතලේ නිර්මාණකරුවන් වෙනුවෙන් නිර්මාණාත්මක ලේඛනය සහ සාහිත්‍ය කෘති පළ කිරීම පිළිබද ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය ඩබ්ලිව්. ඒ . අබේසිංහ මහතාගේ විශේෂ දේශනයක් පැවැත්වෙන අතර පෙ. ව 11. 30 ජාත්‍යන්තර සම්මාන ලැබූ කෙටි චිත්‍රපටි දැක්මක් ද පැවැත්වේ.
     
    උත්සවයේ දෙවන දිගෑරුම ලෙස සැප්තැම්බර් 02 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංස්කෘතික අංශය මගින් සංවිධානය කරන දිස්ත්‍රික් සාහිත්‍ය උළෙල සහ සංස්කෘතික සංදර්ශනය පැවැත්වේ. මෙදින උත්සවයට සමගාමීව  21 වන සියවසට ගැලපෙන මිනිසෙකු සාහිත්‍ය තුළින් බිහිකරමු යන තේමාව යටතේ චිංගිත් අයිත්මාතව් ජාත්‍යන්තර සම්මානයෙන් සම්මානිත චූලානන්ද සමරනායක මහතා විසින්  සාහිත්‍ය දේශනයක් පවත්වන අතර මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානය සහ නර්තනාලය භරත නාට්‍ය කලායතනය විසින් ඉදිරිපත් කර නර්ථනාංග වලින් සුසැදි සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වේ.
     
    දිස්ත්‍රික් මට්ටමේ සාහිත්‍ය තරග වලින් ජයග්‍රහණ අත්පත් කරගත් නිර්මාණකරුවන්ට ත්‍යාග සහ සහතික පිරිනැමීම ද මෙහිදි සිදුවේ.
     
    උත්සවයේ දෙවන දින වැඩ සටහනට සමගාමීව නූතන දෙමල සාහිත්‍යයේ  ප්‍රවණතා තේමාව යටතේ දෙමළ පාසල් දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන විශේෂ දේශනයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ බාහිර කතිකාචාර්ය ජෙසීනා හමීඩ් විසින්  පෙරවරු  9.00 ට මාතලේ මහත්මා ගාන්ධි ශාලාවේ දී පැවැත්වනු ලැබේ.
     
    උත්සවයේ තෙවන දින සැප්. 03 තවත් සෙනසුරාදාවක් නොව වෙනස් සෙනසුරාදාවක් වශයෙන් නම් කොට එහි පූර්වයාමය පෙ. ව 09. 00 සිට පෙ. ව 11. 30 දක්වා  චූලානන්ද සමරනායක මහතා විසින් සිදු කරන විශේෂ දේශනයක් සහ සාහිත සුසංවාදයක් මාතලේ නගර සභා පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්වේ. මාතලේ දිසාවේ ලේඛකයින් සහ නිර්මාණාකරුවන් රැසක් මීට එකතුවේ.
     
    උත්සවයේ සමාප්ති උළෙලේ අපර භාගය ප. ව. 2 .00  සිට ප. ව. 5. 30 දක්වා  නූතන සුභාවිත ගීතයේ සොදුරු ඉසව් සොයායන රසවින්දනාත්මක දෙසුමක් රත්න ශ්‍රී සමග සොදුරු සැදෑවක් නමින් මාතලේ සංචාරක හෝටල් පාසල්  ශාලාවේදී පැවැත්වේ.ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් පවත්වන මෙම රසවින්දනාත්මක දේශනයෙන් මහතලා සාහිත්‍යකලා මහහෝත්සවයේ කටයුතු සමාප්තියට පත්වේ. 
     
    මෙදින විශේෂ ආරාධිතයා වශයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සහභාගී වේ.
     
    AP/DMU-Matale
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya