මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙල්ලන්විල ඇසළ මහා රන්දෝලි පෙරහර අගෝ: 27දා

    අගෝස්තු 22, 2016
    බෙල්ලන්විල ඇසළ මහා රන්දෝලි පෙරහර 66වන වරටත් අගෝ: 27දා රාත්‍රි වීථි සංචාරය කෙරෙන බව බෙල්ලන්විල රාජමහා විහාරාධිපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ පැවසූහ.
     
    ඒ අනුව මල් පෙරහර ඊයේ (21) ආරම්භ වී ඇති අතර 24දා දක්වා පැවැත්වේ. 25දා පාවාඩ පෙරහර, 26දා රන්සිවිලි පෙරහර ද පැවැත්වේ. 
     
    27දා පැවැත්වෙන රන්දෝලි පෙරහර නැගෙනහිර වාහල්කඩින් පිටත් ව විහාර මාවත, දෙහිවල - මහරගම ප්‍රධාන මාර්ගය ඔස්සේ නැදිමාල බෝධිය කරා ගොස් ඇන්ඩර්සන් පාරෙන් බෙල්ලන්තොට හන්දිය, රත්මලාන පාර ඔස්සේ බෙල්ලන්තොට හන්දියෙන් නැවත දෙහිවල - මහරගම මාර්ගය ඔස්සේ ගොස් ශ්‍රී සෝමරතන මාවත, විහාර මාවත ඔස්සේ නැවත නැගෙනහිර වාහල්කඩින්ම විහාරස්ථානයට ගෙවදීමට නියමිතය.
     
    28දා උදෑසන දියකපන පෙරහර මංගල්‍යයෙන් අනතුරුව දේව දානය පැවැත්වීමෙන් බෙල්ලන්විල ඇසල මහා පෙරහර මංගල්‍ය නිමාවට පත් වේ.
     
    බෙල්ලන්විල ඇසල පෙරහර මංගල්‍ය පෙරහරකට එහා ගිය දින 17ක් පමණ පුරා පැවැත්වෙන පූජෝත්සවයක් බවත් ජාතික උරුමය ජාතික අනන්‍යතාවය මේ හරහා ප්‍රදර්ශනය වන බව පැවසූ විමලරත්න හිමියෝ මේ හරහා සංස්කෘතිය පෝෂණය වන බවත් පැවසූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya