අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොව සියලු රටවල බෞද්ධ දර්ශනය ප්‍රචාරය වෙනවා - ස්වදේශ කටයුතු ඇමැති

    අගෝස්තු 19, 2016

    ලොව සියලුම රටවල රටේ ස්වාමීන් වහන්සේලා ගොස් බෞද්ධ දර්ශනය ප්‍රචාරය කරන බවත් ලබන වසරේදී ලෝක බෞද්ධ සම්මේලනය සඳහා සියලුම බෞද්ධ නායකයින් මෙරටට පැමිණෙන අතර එයට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම වෙහෙර විහාරස්ථාන නඟා සිටුවීම සඳහා කටයුතු කරන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

    ගාල්ල, යක්කලමුල්ල, කරාගොඩ ශ්‍රී පුර්වාරාම විහාරස්ථානයේ සංඝාවාසය සහ දහම් පාසල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    ලබන වසරේදී ලෝක බෞද්ධ සම්මේලනය ශ්‍රී ලංකාවේදී සැමරීමට සූදානම් කර තිබෙන බවත් එය ජනාධිපතිතුමා හා අගමැතිතුමා ගත් වැදගත් තීරණයක් බවත් ඒ මහතා සඳහන් කළේය.

     

    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පසුගියදා පැවති නිල මෙහෙවර ජංගම සේවා වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්කයේ සියලුම වෙහෙර විහාරස්ථාන සඳහා රුපියල් 10,000 ක මුදල් පරිත්‍යාගයක් කළ බවත් එහිදී ඉදිරි වසර 5 අවසන් වන විට රුපියල් ලක්ෂ 300 ක ස්ථාවර ගිණුමක් ඇති කිරීම ඉලක්ක කර තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    එහි පොලිය විහාරස්ථානයේ සංවර්ධනයට පාවිච්චි කිරීමට හැකි වන අතර ඒ අනුව අපේ රජය බෞද්ධාගම නඟාසිටුවීම සඳහා සුවිශාල මෙහෙවරක් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya